Saturday, December 25, 2010

(අ) වාසනාව


() වාසනාව

මාවතේ කොණ.. කනට වද දෙන

යකඩ කට දෙස බල බලා...

ඉඳින් කුමරිය නොවී උරණව

ජීවිතේ හැඩ තල බලා



උන්ට හිත් නෑ කෑ ගසන්නට

දැනෙන තුරු ලේ රහ පවා..

ලක්ෂයත් උන් විස්සෙ කොලයට

අපිට දෙන්නේ හිස නවා..



අපිට අමතක අපේ හිත් ගැන

යලි මතක් වෙන දින තුරා...

විස්සේ කොලයට වඩා උන් ගැන

අපි හිතන්නේ නෑ සදා....

Monday, November 29, 2010

ජීවිතයේ කතාව



බැරි බර කරෙන් ගෙන යන දින පැය අතර
අපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනක
දහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතට
අපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතට

වේලක් නොකා තව වේලක රස බලන
පොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතර
ඇකයෙන් උරා බොන රුධිරය නැති කලක
අහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ට

වීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝ
වැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝ
මාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝ
කෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝ


උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-29

Sunday, November 14, 2010

සිර ගත කල පෙම





සිර ගත කල පෙම

දම් පාට අහස යට පෙම් පාට පිරුනු රැලි
නුවර වැව් ඉවුර ලඟ තනිවෙලා......
පෙම් කතා අමතකව පෙම් සිනා හඬ නැතිව
බංකු පොඩි එක පෙලට තනිවෙලා....

එදා වැව් රවුම වට මැවූ පෙම් කතන්දර
දෙනෝ දාහක් හිතේ සිරවෙලා
ප්‍රේමයේ අස්වැන්න කපාගෙන ගෙනියන්න
රාලහාමිලා එයි උන් සොයා

පෙම් නොකල සිත් ඇතුව මෙලොව එලි දුටු එවුන්
හඬ නගන බහු බූත අස අසා
කාකි රූ බැටන් පොලු මග වඩීදෝ කියා
මල් සරා අතු අගක සැඟවිලා


උපෙන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-14

Sunday, October 31, 2010

ආවර්ජනා......


ගොඩක් කාලෙකට පස්සේ පහුගිය දවසක මගෙ ඉස්කෝලෙට ගියා
. පරන පුරුදු ගෙට්ටුවෙන් ඇතුලට මම ගියත් මගෙ හිත පරන ලෝකෙට ගිහින්. කාලෙකට ඉස්සර ගෙවුන කියාගන්න බැරි තරම් සුන්දර ලෝකෙ මට එක මොහොතකින් මැවිලා පෙන්න ගත්තා. හැමදාම වෙලාවට ඉස්කෝලට එන මාව පිලිගන්න වේවැල අතේ තියන් ඉන්න අපේ ප්‍රින්සිපල් සර් ,හැමදාම වදයක් වෙච්ච පීරියඩ වලට අමා ඔසුවක් උන සංගීත කාමරේ, නැටුම් කාමරේ අඩියෙන් අඩිය අපිව උඩට ගෙනාපු තරප්පු පේලිය වෙනදා වගෙමයි පරන පුරුදු ආදරෙන් ඉස්කෝලෙ මන් දිහා බලන් ඉන්නවා. මතකයන් ඇරෙන්න අනිත් දේවල් 5 S වෙලා මතක් කරපන් මගෙ හිත මට කිව්වා අමතක කරන්න තරම් කිසිම මතකයක් නොවටිනා වෙලා නෑ. මේ හතර කොනේ උනු හැම දෙයක්ම එදා වගෙම මට මතකයි තරප්පු පෙලේ උඩටම නැගලා වැටට හෙත්තු වෙලා මම ඇස් දෙක පියාගත්තා. ජීවිතේ ආපස්සට යවන්න පුලුවන් නම් ........ හිත බොලඳ වෙලා ...මම හිනා උනා.. ,නෑ උඹලට නෙවේ මට උබලට කවද හරි තේරෙයි මේ කාලේ තියන වටිනාකම ඉස්සර දවසක මොකක්දෝ මගුලට මගේ කන මිරිකලා පන්ති භාර සර් කියපු හරුපේ තේරුම යස අගේට මට තේරුනා. තරප්පු පේලියට සමු දීලා මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු තැන් තුනට ගියා සංගීත කාමරේ. ඉස්කෝලට ආව දවසේ ඉදලා ගෙදර උන තැන. , නැටුම් කාමරේ සර් ගෙන් ගුටි කකා වැඩියෙන්ම ෆන් ගත්තු තැන, සමස්ත ලංකා තරගවල මතක තාම මැවිලා පේනවා. මූ කොහොමද නැටුම් ,සංගීතේ දෙකම කලේ කියලා දැන් අහන්න එපා පූරුවෙ පිනකට මට ඒ වාසනාව ලැබුනා නැටුම් වලට දායක උනේ සංගීත අංශයෙන් තේරුනා නේ. ඒ මතක ගොඩක් සුන්දරයි අන්තිමටම ආවේ බෑන්ඩ් රූම් එක ලගට කැඩෙට් උන හින්දා විදපු දුක රන්ටැබේ .යුනිෆොර්ම් ,බූට් පොලිශ් ,හකු පැලෙන්න ගුටි කාපුවා , එදා කොයි තරම් දුකක් උනත් අද දැනෙන දුක තරම් නෑ නේද. හැමදේම පහු කරගෙන අන්තිමටම මං හිටපු පන්ති කාමරේට ආවා හ්ම්...... කලු ලෑල්ල මං එක්ක හිනා උනා අදත් පන්තියට පරක්කු උනා නේද ඔව් .. පරක්කු උනා ගොඩක්ම පරක්කු උනා...... නලියන ඇස් දෙක තද කරගෙන මම කිව්වා ඉස්සර දවසක හිතේ තියන දේවල් ඔක්කොම ලියපු මගේ ඩෙස්ක් එක හොයලා මම මුලු පන්තියම පීරුවා හැමදේම අලුත් වෙලා මතකය ඇරෙන්න එහෙනම් ආයුබොවන් .පන්ති කාමරේට සමු දීලා මම එලියට ආව 2005 විභාගේ ලියලා අන්තිම දවසෙ මම ඉස්කෝලෙ ගෙට්ටුවෙන් එලියට බහිනකොට මන් ඉස්කෝලෙට දන ගහලා වැන්දා එදා මට මගේ ජීවිතේ කොටසක් මේකේ තනි කරලා යනවා කියලා මට දැනුනා. හදා ගන්න බැරි හිතත් එක්ක මම ගෙට්ටුව ලගට ගියා දකින දේවල් පැහැදිලි නැත්තේ ඇයි කියලා මගේ හිත එක්ක තර්ක කරන්න ගියේවත් ඇස් වලින් එන්නේ කදුලු නෙවේ කියල හිතන්නවත් මම උත්සාහ කලේ නෑ ජීවිතේ වටිනම කොටසක් අතීතෙට එකතු වෙලා කියන එක විතරක් ඒ හමදේම අතරින් හිතට දැනුනා පුරුදු විදියටම ඉස්කෝලෙටම තියන එකම ගෙට්ටුවෙන් එලියට බැහැලා අදත් මම දනගහලා වැන්දා.. අම්මේ........ අයුබෝවන්

Monday, October 18, 2010

කුනු....




ගුඩ් මෝර්නින් සර්........
කන්තෝරුවේ පිය ගැට පෙල පාමුල
කුනු බාල්දියත් අතේ තියාගෙන
තනි මට අක්කර ගානක ඉඩක් ඉතුරු කරලා
පැත්තකට වෙන ගමන්
උඹ මට සුභ පැතුවා
ඊලගට තරප්පුව නගින
අකුරු දෙකේ ලොකු මහත්තයට
ඒ ඉඩ මදිවෙලා
බෝ වෙන ලෙඩෙක් දැකපු ගානට
මූන ඇද කරගෙන
ඌ මට මෙහම කිව්වා
දවසම ඉවරයි.........
කුනු වලට උඹ ඔය තරම් බයද
හොදට හිතපන්
ආයෙම හිතපන්
උන් අදින්නේ අපේ කුනු....

Sunday, October 10, 2010

ආදරයේ වේදනාව




Monday, October 4, 2010

ලොකු දොස්තර



ජීවිතයට වාරු නැතුව රොහලේ නවතිද්දී
ලොකු දොස්තර මම දැක්කේ මගේ දුක විමසද්දී
කතා කරන වචන ගානේ මගේ දුක වැඩි වෙද්දී
මට ඇඩුනේ මගේ පැතුම් හීන වෙලා යද්දී

මට නොතිබ්බ මහ ලොකු ලෙඩ වල නම් කියවද්දි
අහන් ඉන්න උනා මටත් පිහිටක් නැති වෙද්දී
ගනන් කරලා ඔරව ගොරව කතා බහ කරද්දී
ලෙඩ අහුවෙත් නෑ අපිටත් හිතේ බය තියෙද්දී

ගෙදර උන්ගේ මනාපයට මගේ ටිකට් කැපෙද්දී
ලොකු දොස්තර චැනල් කොලා මං එපා කියද්දී
පින් කද වගේ හිනා වෙලා මගේ දුක අහද්දී
පුර පෝය හඳයි මෝය කටයි චැනල් සෙන්ටරේදී







මෙය සමස්ත  වෛද්‍යවරුන් සියල්ලක්ම මෙලස‍යැයි  කීමට ගත් උත්සාහයක් නොවන අතර එම උතුම් වෘතිය නිගාවට ලක්වන අයුරින් හැසිරෙන සුලු පිරිසක් හා මා ලැබු සත්‍ය අත්දැකීමක් ඇසුරින් කරන ලද නිර්මාණයකි

Friday, October 1, 2010

මුවහත




යකඩ කටින් යටිගිරියෙන්
අපේ දුකට උන් විදවපු.......
අවුරුද්දෙන් දින ගානක්
අපේ ජීවිත උන්ට පෙනුනු......
හීන දැකපු මාලිගාවේ
ආයෙත් උන් රජකරවපු
වලං පතුලේ කැද උගුරට
තුන් වේලම හිත හදාපු......
තැලෙන යකඩ දැක දැක උන්
ඒ යකඩෙම ඔප දමාපු
කැපෙන දවස ඈතක නෑ
මුවහත වැඩි උන් තියාපු....

Monday, August 30, 2010

ලාභයි........ ජීවිතේ





යන එන උන්ගේ
කාසි කොල වලින්
හරි හරියට සෙල්ලම් කරන
මගේ ජීවිතේ....
උන් කේවල් කරන්නේ මගේ ජීවිතේ බව
උන් නොදන්න තරමටම
අල ළුනු ගෙඩියකින් මන්දිර තනන උන්ගේ හිත්වලට
මම සාප කරන් නෑ
දෑස නොදල්වා බලා ඉන්න තරමට
ගිරිය ගෙවෙනකම් කෑ ගහන තරමට
හිස් වෙන ගෝනි පඩංගුව වගෙ
හිතේ කරදර හිස් වෙන් නෑ කියලා
උන්ට නොතෙරෙන බව මං දන්නවා

Sunday, August 8, 2010

මගේ ආදරේ



හන්තානට පායන හඳ වගේ කියලා....
ඔයාට කියන්න මට හිත දෙන් නෑ
හඳ මට කොයි තරම් දුරද.....
ඈතට කොයි තරම් ලස්සන උනත්
දුවිලි, ආවාට පිරුනු හුස්ම පොදක් ගන්න බැරි තැනකට
මට ඔයාව සම කරන්න පුලුවන්ද...
අතු අගක පිපෙන මලක් වගේ කියල කියන්නේ කොහොමද
පහු වෙනිදට පර වෙලා පෙති හැලෙන හැටි දැක්කම
ඒ නිසා මට ඔයා ඔයාමයි ඔයාට සමකරන්න කිසිම දෙයක්.
මේ ලෝකේ මට නෑ


Saturday, August 7, 2010

ඒ.. රුපියල




ඒ.. රුපියල

බඩගින්නේ වේලෙන අතකින්
ගිනි අව්වේ වේලෙන හිතකින්
ඉල්ලුවත් නොදුන්න
ඒ රුපියල...........
දේවාලේ පින් කැටේට දාල
දොහොත් මුදුන් දුන්නේ
පුදුමාකාර හිතේ සතුටකින් (ද)

Thursday, August 5, 2010

(නො)තේරුම

(නො)තේරුම

කප්පරක් පැතුම්
හීන කන්දක් පුරවගෙන
මහගෙදරත් උකස් කරලා
විස්ස විද්යාලේ යවපු ලොකු එකා
අත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්
පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලා
ගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේ
කවුන්ටරේ මැද්දෙන් තිබ්බ
උන්ගේ අම්මා
දෙස් තියන
අප්පච්චිට මෙහෙම කිව්වා
කෑ නොගහ හිටියනම්
මයෙ පුතාට දැන් හොදට පොස්ටෙර් අදින්න පුලුවන්

නන්නත්තාර

නන්නත්තාර

හිතපු හිතපු දේ වරදින කාලෙට
කරන කරන දේ වරදින කාලෙට
නොසිතු නොපැතු දේ සිදුවන කාලෙට
මොනව කරන්නද නැති බැරි කාලෙට

Saturday, May 29, 2010

නොමියෙන ප්‍රේමය




පුරසාරම් නැත.. දොඩමලු වී නැත..
අපි අප වෙනුවෙන් කල කී දෑ ගැන..
රන් මිනි අබරන අතගිලි වල නැත..
ඉර හඳ උකසට අපි අරගෙන නැත..
දිවිය පුරවට දුන් සිත පමනක්
එදා බැදුනු විලසින් තවමත් ඇත....


.(2010-05-29)උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා.

Friday, May 21, 2010

ප්‍රේමය හා කීර්තිය රඳවා අල්විස්‌ සමුගෙන ගොසින්ය




 

                         ප්‍රේමකීර්ති ද අල්විස් මා බොහෝ සෙයින් ආදරය කරන ගරු කරන පුද්ගලයෙකි. ඔහු මිය යන විට මා මරනය යනු කුමක්ද කියාවත් තේරුම් ගත නොහැකි වයසක පසු වූවෙක්මි. මගේ පියා බොහෝ කාලයක් ඔහුගේ මරනය ගැන දුක් වූ බවනම් මට යන්තමින් මතකයේ රැදී තිබේ... එහෙයින්ම මම මේ පුද්ගලයා කවුරුන්ද යන්නට සොයා බැලීමට යම් දෙයක් ඔලුවට වැටෙනා කාලයේ සිටම වෙහෙසුනි.... සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ මා ඔහුගේ කටහඩ අසා ඇත්තේ කිහිප අවස්තාවක පමනි. නමුත් මේ මොහත දක්වා ඔහුගේ අපුර්ව වූ කටහඩ මගේ මතකයේ සටහන් වී තිබේ. කිසිම දිනක කිසිවෙකුට උරුම නොවු අපුර්ව කටහඩක් ඔහුට හිමිවී තිබූ බව ඔහුගේ අපූරු හඩ අසා ඇති ඕනෑම කෙනකු තර්කයකින් තොරව පිලිගන්නා කරුනකි. ඒ හැම දේකටම වඩා මා ඔහුට ඇලුම් කරන්නේ ඔහු අතින් ලියවුනු මහා ගීත නිර්මාණ නිසාය. ඔහු දැක ඇත්නම් එවැන්නකු ඇතින් මේසා නිර්මාණ බිහිවිය හැකිදැයි සිතන්නට තරම් ඔහුගේ නිර්මාණ ප්‍රබල විය. 

               ඔහු ලියු ගී අතරින් අදටත් නොනැසී අප රසවිදින ගී කොයි තරම් නම් තියනවාද අවාසනාවකට ඒ ගී ඔහු ලියූ බව දන්නේ කියෙන් කී දෙනාද.

          විටෙක ඔහු ප්‍රේමය ගැන ගී ලිව්වේය රැලකින් තනිවී ,ආදරණීය නේරංජනා, කෙදිනද කුඩු, සිතින් මා නොසැලී ඒ ඔහු ලියූ නොමියෙන ගී කිහිපයකි තවත් විටක දෙව්රම් වෙහෙරේ, නිවන් දුටු හිමි, අමාදහර යන ගී ලියුවේය. හිනෙහෙන්නට උවත් සිතන්නට යමක් ඉතිරි කර පාන්කිරිත්තා ගැනද ගීයක් ලිවේය. සිතන්නට නොහැකි වූවත් මේ එක් මිනිසෙකු අතින් බිහි වූ නිර්මාණ අතලොස්සකි. තවත් ඔහු අතින් නිර්මාණය වූනු විශිෂ්ට ගීත බොහෝ අප අදටත් රස විදින බව තතු දන්නන්ට රහසක්. නොවේ මාලිනී බුලත් සින්හලයන් ගායනා කල මා එක්‌කලා අමනාප වී දබර, දූගෙ තාත්තා එන්නේ නෑ ගෙදර ගීතය අසා හිතන්නට තරම් මොලයක් ඇති තත්තලා කියක් නම් දබර නවත්වා ගෙදර ආවාදැයි කියා ඔහුද නොදන්නවා ඇත නමුත් අසන්නා අපූරුවට අඩවන්නට ඔහු සමත් විය දබර නොවු තාත්තලාද ඒ ගීය අසා කදුලු සැලුවට සැක නැත.

      ඔහු ලියූ නන්දා මලීනී ගැයූ මේ ගීයට මම බොහෝ අලුම් කරමි පුන්චි පදපෙලකින් ඔහු මහා කතාවක් අපූරුවට ගෙතු හැටි අදටත් මට අපුර්ව වූවකි

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම

හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...

සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී

අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...


පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල...

බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...

ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,

සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...


සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...

ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...

ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,

සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...


ඔහු ගැන ලියනවානම් කියනවානම් ලියන්නට කියන්නට බොහෝ දේ ඇත. නමුත් ඔහු ඒ සියල්ල ඉතිරිකර අප හැරගොස් ය. කාගේ හෝ පටු අරමුනක් උදෙසා ඔහු ඔහුගේ වටිනා ජීවිතයෙන් වන්දි ගෙවීය. ඔහුගේ මරණයට සාධාරණ හෙතුවක් මෙතුවක් මට හමුවීද නැත. කිසි දිනක ඔහුගේ මරණය සාධාරනීකරනය කලද නොහැක. ඔහු ජීවත් විය යුතුව තිබූ මිනිසෙකි වටිනා මිනිසෙකි. කලාතුරකින් බිහිවෙන මිනිසෙකි හිතක් පපුවක් නොතිබු පාපතරයෙක්ට ඔහු ඉදිරියේ ගිනි අවියක් ඔසවන්නට පුලුවන් වුයේ මේ කුඩා මිනිසා ගැන අබමල් රෙනුවක් තරම් වත් නොදැන සිටි නිසා වෙන්නට හැක. ජාතියට අහිමි කරන්නට යන්නේ කෙබදු මිනිසෙක්ද යන්න ඔහු මදකට සිතුවා නම් අදටත් ඔහු අප අතරය. කෙසේ හෝ නොවිය යුත්තක් සිදු විය ඔහු දැන් අප හැර ගොසිනි ඔහු නික්මී ගියද අපට හිමි කර ගිය දෑ බොහෝය අදටත් අපි ඔහු ගැන කතා කරන්නේ එබැවිනි. එදා අද මෙන්ම හෙටද ඔහුගේ මතකය සදා අමරණීය වනු ඇත කොහේදෝ තැනක බන්දුල නනායක්කාරවසම් ප්‍රෙමකීර්ති ගැන මෙසේ ලියා තිබුනා මතකය...........

"ප්‍රේමය හා කීර්තිය රඳවා අල්විස්‌ සමුගෙන ගොසින්ය"

Wednesday, March 3, 2010

වර්තමාන ගීත කලාව

ගීතය ගැන බොහෝ අයෙක් නොයෙක් මති මතාන්තර දරන්න පුලුවන් සමහරෙක්ට ඕනම ගීතයක් රසවින්දනය කරන්නට හැකියාවක් තියනවා සමහරෙක් තෝරාගත් ගීත පමනක් රස වින්දනය කරනවා ඒක හුදෙක් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක් නමුත් මට අද කතා කරන්නට උවමනා වෙන්නේ වෙනත් දෙයක් අද අපිට නුතන සමජයේදී අසන්නට ලැබෙන ගීත කොතෙක් දුරට රසවින්දනයට හා කලාත්මක වශයෙන් කොතරම් දුරට පොහොසත් ද කියන කාරනය අපි මීට අවුරුදු ගානකට කලින් අමරදේව මාස්ටර් නන්දා මලිනී සුනිල් එදිරිසිංහයන්ගේ ගීත රසවින්දා ඒ ගීත වල ම්යුරු බවත් එක්කම ලොකු පනිවිඩයක් සමාජෙට දෙන්න ඔවුන් සමත් උනා එත් පසු කාලීනව ඇසෙන ගීත වලින් සමජෙට දෙන්න හදන පනිවිඩ ගැන ඇතිවෙන්නෙ මහා කලකිරීමක් ඒ වගෙම ගීතයේ ගුනාත්මක භාවය කෙසේ උනත් මුදල් පසුපස හබා යන කලාවක් බිහිවෙලා තියන බවත් පිලිගන්නට එතරම් අමාරු නෑ ඒකට එෆ් එම් කලාවත් මුලීකව වග කියන්නට ඔන කියන තර්කයේ මම ඉන්නවා අද කාලයේ ගීතයක් බිහි වෙන හැටි හරිම සරලයි උපරිම වචන 10ක් තිබුනා නම් ගීතයක් ගොඩනැගීමට එය ඔනවාටත් වඩා ප්‍රමානවත් එකම වචන පේලිය ස්ථායි අන්තරා කොටස් 2කට පොදු කරන එක අතරෙම කොහේ හෝ තියන ඉංග්‍රීසි වචන කිහිපයක් උතුර දකුන මාරු වන වේගයෙන් සින්දුව මැදකදී ඉනටත් පහලින් එල්ලා වැටෙන කලිසමක් පටලගෙන කියන එකත් අනිවර්ය වෙනවා ඒක හදුන්වන්නේ සින්දුව රැප් කිරීම කියලා ඇත්තෙන්ම හරි රැප් කිරීමක් අහලා තියන අයෙකුටනම් එය රැප් ද නැතහොත් රේප් ද කියලා හිතන්න පුලුවන් දැන් ගීතය 50% නිර්මනය වී අවසන් දැන් හොදම කොටස දැන් ගීතයකට අත්‍යවශ්යම දේ තමයි රූප රචනයක් නැත්නම් ව්ෂුවල් එකක් ඉතාම අර පරිස්සමෙන් ඇදුම් පැලදුම් අදින තරුනියක් හෝ කිහිපදෙනකු සහභාගී කරගෙන රූපරචනයක් කරගැනීම ගීතය ජනප්‍රිය කරගන්නවානම් කල යුතු අනිවාර්ය දෙයක් ඒ සදහා කරන වියදම අතී විශාල බවත් කියන්නම වෙනවා ඉතින් මේ සුන්දර තරුනියන් ඉතාම අත්‍යවශය තැන් පමනක් සගාවාගෙන මේ ඉදිරිපත් කරන රුප රචනය ගීතය හා එකතු වෙනවා දැන් ගීතය සුදානම් මට තිබෙන ප්‍රශ්නය මේ ගීතය පිලිගන්වන්නේ අසන්නාටද නරබන්නටද කියන එක ඉතින් මේ ගීතය මාධ්‍ය තුලින් ප්‍රචාරනය වෙන මොහොතේ ඉදලා ප්‍රේක්ශකයා (සමාවෙන්න ශාවකයා කියලා යොදාගන්න බෑ ගිත්යක් උනත්) ගීතය රසවිදීම පැත්තක තියලා කොහෙන් හෝ යම් කිසි දෙයක් පේනකම් කියලා දෑස දල්වාගෙන රූප රචනය රස විදිනවා මේක මන් පුද්ගලිකව අත්දැකපු දෙයක් ගොඩක් දෙනෙක් ඒ ගීත බලලා වර්නනා කරන්නේ ගීතය නෙවේ රූප රචනය ඒක ඔවුන්ගේ බාසාවෙන්ම කියනවානම් පට්ට වීඩීයෝ එක ඒ විදියටයි ඔවුන් ගීතයට ප්‍රශංශා කරන්නේ මන් මේ කතාවෙන් කියන්න උත්සාහ කලේ මොකක්ද කියන එක නොතෙරුනා ආයෙමත් හොදින් කල්පනා කරලා බලන්න සුනිල් එදිරිසිංහ "මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා කියනකොට " දැන් කාලේ ගායකයෝ ගේමක් දීල වැලිකඩ යන හැටි කුඩු විකුනන හැටි කියනවා අමරදේව මහත්තයා උකුල ලැම හස මලවි කරලිය මුවා කල ඇගේ දුහුල් සලුපට කියලා සුන්දරව රාගය ගැන හැගීම් අවදි කරනකොට අද කාලේ සින්දුවේ එහෙම දෙයක් නොතිබුනත් ගෑනු රෙදි ගලවන් නටනවා පෙන්වනවා ඔතනයි වෙනස තියෙන්නේ හිතලා බලන්න අපි අද රසවිදින්නේ මොනවද කියලා

Wednesday, February 24, 2010

යකඩ පැය දෙක

අම්බානක බඩගින්නෙ උන්නු මන් කෑම එකත් බෙදන් ගිහින් ට්වී එක ලගින් වාඩි උනා බත් කටවල් දෙක තුනක් කෑවා කියමුකො පරිසරේ මහා අමුත්තක් මට දැනෙන්න ගත්තා හැමදේම මාර නිශ්ශබ්ධයි හැමෝම මහා උනන්දුවකින් ට්වී එක බලනවා මාත් පිගානෙන් ඇස් අහ්ක් කරල ට්වි එක බලුවා හත් දෙය්යනේ එතන යමර වලියක්....... විනඩි 15ක් විතර මන් එක බලන් උන්නා කියලා වැඩක් නෑ පොඩි උන්ට එහෙම බලන්න කියාපු දේවල් අක්කලා නන්ගිලා නැන්දලා මිනි මරාගන්නවා මිනි මරන්න පැලෑන් කරනවා පවුල් කොටවනවා ඒ අතරේ සහයොගයෙන් කරන් එක දෙයක් නම් දැක්කා එක මිනිහා සහයොගයෙන් ගෑනු දෙතුන් දෙනෙක් එක්ක පවුල් කනවා දැක්කා හත් දෙය්යනේ අල්ලපු ගෙදර පොඩි එකී කට උල් කොරගෙන පුදුමාකාර අසාවකින් ඒ ටික දිහා බලන් ඉන්නවා අනගතේදී එකිට සෙට් වෙන කොල්ලට දෙයියන්ගෙම පිහිටයි කියලා මට හිතුනා අනාගතේ කෙසේ වෙතත් මෙවා බලලා මෙකී හෙටම මෙවා කරලා බලන්ඩ ට්‍රයි කොරයිද මන්දා හිටුකො උම්බලගෙ අම්මට කියලා ඉල්ලලා දෙන්නම් විබාගේ කට උඩ තියන් බලන එවා කියල හිතන් මන් පොඩි එකීගෙ අම්මව හෙව්වා මල හත් ඉලව්වයි පොඩි එකීගේ අම්මා කන දෙපැත්තේ ඇස් දෙක තියාගෙන ටීවී එක බලනවා ආයේ ඉතින් කාට කියන්නද අන්කල්ටත් දෙය්යන්ගෙ පිහිටයි කියලා හිතන් මම බත් එක කන්ඩ පටන් ගත්තා එ අතරෙ ට්ව් එකේ ඇඩ් එකක් යනවා ඔබගේ බලවත් ඉල්ලීම පිට යකඩ පැය 2 තවත් පැය 2ක් දීර්ග කලා කියලා අපේ තාත්තා මහා හය්යෙන් හුල්ලනවා අහුනා ඇය් දෙය්යනේ ඊයෙත් කනකොට 11යි දැන් හැම ගෙදරකම බත් ඉදෙන්නේ රෑ 12 පහු වෙලා මොනා කරන්නද ඕන හත් ඉ;ලව්වක් කියලා ආයෙම ටිවී එක බැලුවා දෙය් හමුදුරුවන් පල්ලා මන් මේ කියන්නේ බොරුවක් නම් අල්ලපු ගෙදර පොඩි එකී ලිස්සලා වැටෙන්න ඕන මන් මෙ කතාව මීට අවුරුදු ගානකට කලින් බලද්දී මැරුනු එකෙක් මෙන්න ඉන්නවා......???? කකා හිටපු බත් ගුලියත් නොමග ගියා පුටුව බදාගෙන මම කහින්ඩ පටන් ගත්තා දෙය්යනේ ගෙදර උන්ට වගේ වගක් නෑ මට දැන් ගොක්කොලත් පේනවා මරු විකාරෙන් එහා පුටුවෙ හිටපු පොඩි එකිට පයින් එකක් ගැහුවා පොඩි එකී කාලී අම්මා වගෙ මන් දිහා බලලා මොකද කියලා අහුවා බුදු නන්ගියේ බත් කට නොමග ගියා වතුර එකක් ගෙනෙන් මන් බොහොම අමෘවෙන් එකිට කිව්වා පොඩ්ඩක් ඉන්නවකො තව විනඩි 5කින් කතාව ඉවරයි ඊට පස්සෙ ගෙන්නම් මෙකි කියපි අනේ යකෝ තව විනඩි 5ක් ගියොත් මගෙ කතාවත් ඉවරයි ගුටි නොක වතුර එකක් ගෙනෙපිය මන් කැහැ කැහැ කිව්වා මොනවදෝ හුටු හුටු ගගා මෙකි ගිහින් වතුර එකක් ගෙනවා යන්තම් එක බීල ජීවිතෙ අරක්ශා කර ගත්තා එත් මට මහා ප්‍රශ්නෙ මු මැරිලත් ආයේ අවේ කොහොමද කියලා එකම විසදුම පොඩි එකීගෙන් අහන එක ඕන සපත්තුවක් කියලා මන් කතාවට බැස්සා මේ ඔයි අරු මරුනා නේ දැන් කොහොමද අයේම අවේ මන් පොඩි එකීගෙන් ඇහුවා පොඩී එකී නෝන්ඩි හිනාවක් දාල මට මෙහෙම කිව්වා අය්යෝ ඔය 4 වෙනි පාර මීට කලින් තුන් පාරක් මරුනා මට දෙවැනි වතාවටත් බත් කට නොමග ගියා...


ලිව්වේ මං
Time in Sri Lanka: