Monday, March 7, 2011

දේව පරාජය



මුරුගසන් වැසි දෙගොඩ නොතලන
දවස වැඩ සිටි දේවතාවුන්
ඉවුරු පෙරලන් ගොඩ ගලන කල
තව්තිසාවට වෙලා පිටමං

උදේ හවසට නුඹට පුද දුන්
පහන් පැල ඉදිරී වැටෙත්දිත්
කෝටියක් තිස් දෙවිඳු නිදිවැද
කලේ උන් හට මහා සරදම්

කදුළු දැක දැක නැවත නැගිටින
උන්ගේ ලෝකේ වෙලා වල්මත්
ගෙපැල මුල්ගල තබන දවසක
නුඹට වෙන් වෙද එබිම පහනක්

No comments:

Post a Comment

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: