Monday, March 7, 2011

දන්සැල



ගලනා නාද අත්පොලසන් හඬ මැද්දේ
මන්ත්‍රී දොඩයි දන්සැල් දොරකඩ මැද්දේ
සැමදා පිරෙන කුස් පුරවන මහ දානේ
බත් පත බෙදෙයි උතුමන් ලඟ කොත් පෑදේ

හිරකොට ගවුම් ඩෙනිමෙන් මුල් තැන පේලි
පෝලිම දිවෙයි සැතපුම් කණු පෙළ යාවී
පෝලිම කොණක වැට මුල්ලක ගත වේලී
දුගියෙක් විකයි දත්මිටි සුවඳට පේවී

No comments:

Post a Comment

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: