Saturday, May 7, 2011

සිතක සිතුවිලි



මහා මන්දිර සඳලුතලවල
නම්බුවේ ගුණ රුවේ ඔපයට
හැදෙන වැඩෙනා අපේ උන් ගැන
නොමැත තරහක් අපේ හිත් වල

වදන් ගලපා කියන්නට බැහැ
නැගෙන කුසගිනි කතාවන් ගැන
රජුන් බුදිනා බොජුන් හල් ළඟ
නොමැත උණු වෙන දයා සිත් ලොව

කුලේ තිරිසන් උණත් හිතවත
දැනේ අපටත් කුසේ හිස් බව
නොතේරී නොව අහක බැලුවේ
බුදුන් වඳිනා බොහෝ සිත් අද

3 comments:

  1. බෙහෝ මිනිසුන් මේ වගේ තමා.හිතේ අනුකම්පාවක් නැහැ.

    ReplyDelete
  2. බල්ලො පූසො වගේ සත්තු මිනිස්සු එක්ක වාසයට හුරු වෙලා. එහෙම මිනිස් වාසයට ආ සතුන්ට අප සළකන්නෙ නැත්නම්, ඒ සතුන් කොපමණ අසරණ වෙනවද? ඔන්න දැන් ආයෙමත් පාරවල ඉන්න බල්ලො පූසො මරන්නට සැලසුම් ගේනවලු. උන්ගේ කුසගිනි නිවීම ගැන කවර කතාද?

    ReplyDelete
  3. ඔබ කියා ඇති මුළු අදහසම ඡායාරූපයේ තියෙනව.බල්ලො,පූසො.ගෙවල් වල තියාගෙන හදල තුවාල හැදුනම,පැටව් දාන කොට ගෙනල්ලා පාරට දාල යන සමාජයක අපි ජීවත් වෙන්නෙ.මිනිසුන්ට නැති අනුකම්පාවක් සහ ආදරයක් සතුන් වෙනුවෙන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි.නොසිතන දෙයක් ගැන ලියුවාට ස්තූතියි..

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: