Thursday, January 5, 2012

අපිත් බුදුන් වඳිනවා



තමා හිසට තමන්ගෙ අත නැති දවසුත් තියනවා
ලබා උපන් හැටි කියමින් දේව පැතුම් පතනවා
මනුස්සකම රන් කහවනු ලගදි දෙකට නැවෙනවා
පින් කරන්න දැන් දෙයියොත්  මාසෙ පඩිය බලනවා

මහ පාරේ වීදි පුරා කඩවල පින් තියනවා
අත බර අය සදලුතලෙන් බැසවිත් පින් ගන්නවා
තව්තිසාවෙ බැංකුවෙ අය ඒ පින් කඳ මනිනවා
අතේ සතේ නැති එකාට දෙයියෝ අහක බලනවා

අපේ හිතෙත් උසම තැනක පසේ බුදුන් ඉන්නවා
මල් පුදන්න තැනක් නැතත් හිතේ පැතුම් තියනවා
කුසේ ගින්න මරා ගන්න දවස අපෙත් ගෙවෙනවා
අතේ සතේ නැතත් පුතේ අපිත් බුදුන් වඳිනවා

3 comments:

  1. උඹ පිස්සු දොඩවන අතරේ හොඳ හොඳ ඒවත් ලියනවා නේද..?
    අද මොකද දන්නෙ නැහැ මේකේ මකුළු දැල් කැඩුවේ..?

    ReplyDelete
  2. බොහෝමයක් වෙලාවට ලොබ නැතිව පිරුණ හිතින් දන් දෙන්නේ ධනයෙන් පිරුණෙ නැති අතකින්

    ReplyDelete
  3. "පින්" කරන එකත් ලේසි නැහැ අද කාලෙ! රන් නෙළුම් මල් පූජා, ආභරණ පූජා, ලක්ෂෙ පූජා යනාදී විවිධ පූජාවන් කොච්චර හඳුන්වා දීලද? ඒත් අතේ සතේ නැති අයත් පින් කරනවා... කාලයට ඔබින කවි සිතුවිල්ලක්.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: