Thursday, December 20, 2012

ප්‍රේම හීන



පාන්දරින් වීදි පුරා හැඩ වැඩ උනු සමනලියන් 
සුනීතලා දැක ආයෙත් අහක බලන්නේ
වීදි පුරා මල් වැටුනත් අහුලන්නට ඇයි තහනම්
සුනීතලා ගෙන යන කද බරද දැනෙන්නේ


මල්පෙතිවල පාට අරන් හැඩ වැඩ උන සමනළියන්
රන් කහවනු නැති හිත් ලඟ නෑ නවතින්නෙ
හීන වලින් ඇහැරුනදා  මහ පාරේ තැන් තැන් වල
ප්‍රේම හීන අගු පිල් වල ඔහේ තෙමෙන්නේ


නොදැන නොවේ හීන දුරයි නෙලන්න බැරි දුරින් උසයි
හැමදාමත් ඒ හීනෙම ආයෙ  දකින්නේ
තව්තිසාවෙ කෙලවර ඉඳ සුරංගනාවියන් නොදැක
සුනීතලා නැහැ ආයෙත් නිවන් දකින්නේ


_________________________________________________

1 comment:

  1. සමාජයෙ පවතින නිරන්තර බෙදීම්වල තවත් එක් අසුන්දර පැතිකඩක්. රස්සාවත් එක්ක එන "පිළි ගැනීම" අද කාලෙ කොච්චර වැදගත්කමක් ගන්නවද? තවත් මනුස්සයෙක් තරුණයෙක් කියන කාරණේ අමතක වන තරමට?

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: