Sunday, February 3, 2013

නිදහස.







                                  වෙනදා මෙන්ම හෙටද සුපුරුදු ලෙස හිරු පායා එද්දී ජාතියක් ලෙස අභිමානයෙන් අපිට අවදි විය හැක. හෙටින් ඇරබෙන දින සිට අසරණ වූ සිංහයන් කඩපිලේ. බස් රියේ. ත්‍රී වීලරයේ කඩුවද සියතින් දරාගෙන මරබියේ අහස දෙස බලාගෙන එල්ලී සිටිනු දැකිය හැකි වෙනු ඇත.  එහෙමමත් තැනක සතර පා බිම තබා ප්‍රතාපවත්ව තේජාන්විත වු සිංහයන් ජාතියේ අබිමානය පා කඩුව සියතින් දරා සිටිනු ඇත. නිදහස වෙනුවෙන් ලද නිවාඩුවේ උදෑසන වරුව රූපවාහිනිය ඉදිරියේ හිද ජාතික අභිමානය නැරබීම වෙනුවෙන් වෙන් කල හැක.  ජාතියේ නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන් දින හතරක් පහක් පුරා. අව් කාශ්ටකේ වේලෙමින් නිදහසේ අභිමානය වෙනුවෙන් සිය අවි අත දරනු ඇත. ඔවුන් එදිරිපිට වායුසමීකරනය කරන ලද විශේෂිත පීඨීකා වල එදා උන්ට එරෙහිව අවි එසවු සමහරක් ඔවුන් දෙස සිනාසෙමින් බලා සිටිනු ඇත. ජාතියේ අභිමානය වෙනුවෙන් උන් පසු කර යද්දී අභිමානයෙන් යුතුව හිස හරවා උන් හට ආචාරය පුද කිරීමට ජාතියේ විරුවන් හට  සිදු වෙනු ඇත. නිදහස වෙනුවෙන් වැසුනු කඩපිල් අද්දර බිම  එදා වේල වෙනුවෙන් කුලී කල උන් බඩගින්නේ වේලෙමින් ජාතියේ නිදහස අභිමානයෙන් යුතුව සමරනවා ඇත. හෙටින් නිදහස අවසන් වූ පසු  නැවතත් වර්ශයකට පසු ඔබටද මටද නිදහස උදාවෙනු ඇත. හෙටින් බොහෝ දවසකට පසුද  නිදහසින් පසු අමතක වූ   දුහුවිල්ලෙන් නෑවුනු  අසරණවූ  සිංහයන් කඩපිලේ. බස්‍ රියේ මහමගදී.. ඔබටද මටද හමුවනු ඇත.







ඔබටද මටද වචනයකට පමනක් සීමා නොවූ. අභිමානවත් නිදහස් දිනයක් වේවා



No comments:

Post a Comment

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: