Monday, July 15, 2013

නිදහස් අධ්‍යාපනය සංජීවලා සහ අපි


" නිදහස් අධ්‍යාපනය රැකගවු "
 


මේ දවස් වල කනක් ඇහෙන්නට නැති තරමට නිදහස් අධ්‍යාපනය ගැන එක එක කචල් ඇත. සෑබෑ ලෙසම නිදහස් අධ්‍යාපනය රැකගත යුතු වස්තුවකි . අවුරුදු 5කට වරක් බුද්ධිය මෙහෙයවා ඔලු බක්කන්  මහ පුටුවලට යවන බුද්ධිමත් ජනතාවක් සිටින රටකට නිදහස් අධ්‍යාපනය වනාහි රැකගත යුතු මහාම වස්තුවක්ම වන්නේය.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නෙ නම් ගහට පොත්ත සේ බැදුන නම් කිහිපයක් ඇත, ඒ අතර සංජීවලා. උදුල්ලා ප්‍රධානය එක් එක් අය  සංජීවලා , උදුල්ලා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දේ ලියා ඇති නිසා කහනවාට වාගේ මොනා හරි ලියන්නට මමද හිතාගත්තෙමි.

නිදහස් අධ්‍යාපනය රැකගෑනීමේ කැක්කුම. කාට තිබුනත් ඒකේ විලිරුදාව විදින්නට වෙන්නෙ ගමේ කඩේ සිරිපාලට . කන්තෝරුවෝ පියදාසට හා බයිසිකලේ යන මටය. එහෙම කියන්නට හේතුවක් ඇත. පහුගිය දාක අම්බානකට හදිස්සි රාජකාරියකට කන්තෝරුවේ පියන්ද පටවාගෙන පිම්මෙ ගිය මගේ රොද දේකේ BMW එකට මල්වත්ත  පහු කරන්නට හම්බ උනේ නැත . කට්ටියක් පාර දිගේ නිදහස් අධ්‍යාපනය රකිමින් සිටි නිසා. ඒ බිත්තරේ රැක පැටියා බිහි වන තුරු පියදාසටත් මටත් පැය 4ක් මල්වත්ත හන්දියේ බිත්තර රකින්නට විය.

ඒ උදවියගෙන් නොතේරුම් කමට අහන්නට ප්‍ර්ශ්න දෙක තුනක් ඇත

1 ) මහා පාරවල් වසා උබලාගෙම අම්මලා තාත්තලා සහෝදරයෝ බස් වල පාරවල් වල පැය ගනන් තප්පවා. වද දෙන්නේ නිදහස් අධ්‍යාපනයට විකුනන්නට හදන්නේ උන් නිසාද ?

2) නිදහස් අධ්‍යාපනය රකින්නට කියා පෙලපාලි ගොස් නිදහස් අධ්‍යාපනයෙන් ලැබුනු බිල්ඩින් ටික . ඒවායේ ජනෙල් විදුරු ටික ,කුඩු පට්ටම් කරන්නෙ ඒකත් නිදහස් අධ්‍යාපනයේ රැකීමේ කොටසක් නිසාද


මේ නාඩගම මම විද ඇත්තේ වරක් දෙවරක් නොවේ. උබලාට ඇත්තටම නිදහස් අධ්‍යාපනය රකින්නට කැක්කුමක් තියනවානම් කොරන්නට බොහෝ දේවල් ඇත. උබලා පැය ගනන් පාරවල් වසා කලු කොඩි ,රතු බැනර්, මිනී පෙට්ටි පෙන්වනේ උබලාගෙම උන්ට මිසක  උබලාගේ ප්‍ර්ශ්න වලට උත්තර බදින්නට ඕනෑ උන්ට නොවන වග උබලාට තාම තේරී නැත.

අධ්‍යාපන ඇමතිවත්. රටේ ජනාධිපතිවත් , අමාත්‍යංශ ලේකම් වත් උබලා ඔය පැය ගනන් වහගෙන නටන පාරවල් වල නවතින බස් එකේ ගෙදර යන්නේ නැත. ඔය පාරක් වැහුවා කියාවත් ගිරිය කැඩෙනකම් කෑ ගැහුවා කියාවත් බැටන් පාරක් හැරෙන්නට නිදහසේ වෙන දෙයක් උබලාට ලැබෙන්නේද නැත. 

එහෙව් කතා කොච්චර කීවත් උබලාට නොතේරුනාට සංජීවලාගේ , උදුල්ලාගේ කැක්කුම අහක ඉන්නා මට තේරුනේ සෑහෙන කාලෙකට කලින්ය.

සංජිවලාගේ දේශපාලනය අනුව සමාජය පංති කරද්දි සිද්ධාලේප මුදලාලිලාද, නවලෝක මුදලාලිලාද වැටෙන්නෙ ධනපති පංතියටය.   උන්  ධනපති උම්මත්තකයන් වන අතර එදාවේල කන්නට නැති උන් පීඩිත පංතියේ අසරණයන් වන්නේය. වැරදිලාවත් අර පිඩිත පංතියේ අසරණයා මුට්ට කරගස එන අතර ගන්නා ලොතරැයිකට කෝටියක් ඇදුනහොත් ඌ ඒ වෙලාවේම ධනපති පංතියේ උම්මත්තකයෙක් වන්නේය.  සංජීවලාගේ මේ දේශපාලන පක්ශයට එක එක නම් එක එක හැදින්වීම් ඇත . ඒත් අහක ඉදන් බලන් ඉන්න අපිට පේන්නේ ඒ පක්ශය මහා ඉරිසියාකාර පක්ශයක් ලෙසත් ඒ දේශපාලනය මහා ඉරිසියාකර දේශපාලනයක් බවත්ය.

ඒ තර්කයට වැටෙන්නට මට සිද්ධවෙන්නෙ සංජීවලාගේ දේශපාලනය ගැන අමුතු කතන්දර කිහිපයක් අහන්නට දකින්නට වීම නිසාය. මේ එයින් එක කතාන්දරයකි

 මගේ මිතුරකුගේ සහෝදරයෙක් ඔය නිදහස් අධ්‍යපන රකින සටනේ ඉහලම චරිතයක්ව සිටියේය. මිනිහා ගෙදරට වෙලා පාඩම් කරනවාට වඩ කලේ පොස්ටර් අදින එකය. කහ පාටින් සුදු කොලේ මැද ඔහේ නයෙක් වගේ ඉරක් ඇදෙයි   ඊට පස්සේ එලියේ වේලෙන්නට හැර ලියනවෙන්නෙ  මෙන්න මෙහෙම වැකියකි. " නිදහස් අධ්‍යාපනයට අත නොතබනූ " ඊට පස්සෙ ඊලග කොලේ " පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හකුලා ගනිව් "  ඒ ගෙදර හැමදම තුන් හතර දෙනෙක් එකතු වෙලා ඔය පොස්ටර් ඇදිල්ල නැති උනේ නැත. ඒ වගේම අපිට මේ කර්යයේ උතුම් බව පැහෙදිලි කරන්න ඒ අයියලා නිතර උනන්දු උනේය. මාසෙකට දෙකකට සැරයක් බැන්ඩේජ් එකක් පිටින් මිනිහා දකිනවා සේම අවුරුද්දකට විතර සැරයක් උන්ගේ තාත්තා ඌට ඇපදෙන්න පොලිසියට ගියේය. ඒ පවුලේ කොල්ලෝම තුනකි තාත්තා දුම්රිය දෙපාර්තුමේන්තුවෙ පොඩි රස්සාවක් කර පවුල ගොඩ දැමූවෙකි.පොස්ටර් සටං පාඨ මැදිං ඒ කතාව සද්ද බද්ද මැද එහෙමම ගෙවිලා යන්නේය .

දැන් කතාවේ තාලය වෙනස් කරන්නට වන්නේය . තොරණක උනත් තාලය තියන්නෙ කතාවේ සැරේ විදියටය. තාලය වෙනස් වෙන කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙමය.

දැන් අවුරුද්දකට විතර ඉස්සර ඔය කියපු සහෝදරයගෙන් මට කෝල් එකක් ආවා. 

" හලෝ මල්ලි මම අහවලා "

" ආ.. අයියා කියන්න. කොහොමද මොකෝ කරන්නෙ "

" ගිය සතියේ ලංකාවට ආවෙ මල්ලි... පොඩි උදව්වක් ඉල්ලගන්න කතා කලේ ... "

" කියන්න අයියා මොකක්ද වෙන්ඩ ඕන "

" මල්ලි අපේ පොඩි මල්ලි රංගිකයව  SLIT එකට දාගන්ඩ ඕන.. .."

" ඇයි අයියා ඌ දෙවෙනි සැරේ A/L කරනව කිව්වා නේද.. "

" වැඩක් නෑ මල්ලී ඊලග පාර ගොඩ ගියත් එලියට එනකොට කවදා වෙයිද මම බැලුවෙ SLIT එක කරවලා එහෙට ගන්න . උබ IT ගැන දන්නවනේ ඒකයි මේ කතා කලේ "


අන්න එහෙමයි ඒ කතාව ඉවර උනේ..  අද උගේ මල්ලි SLIT එකේ.   එදා උන්  අකුලවන්ඩ හදපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනත  ගැන මට මහා සංවේගයක් ඇති උනා

සංජීවලා කරන්න ඕන කියලා මට හිතෙන්නෙ මේ දේ .අඩුම තරමේ තියන දේවල් ටිකවත් රැකගෙන ආර්ක්ශා කරගෙන ඉගන ගන්න ඕන කියල ඔතෙන්ට දාහක් බලාපොරොත්තු බැදගෙන එන උන්ට ඉගන ගන්න දෙන එක.  ලංකාවෙ කැම්පස් වලට යන උන්ගෙන් බහුතරයක් 2500 මහපොලෙනුයි ගෙදරින් එවන 2500 රෝල ගහන උන්. උන්ට ඉර අල්ලනවත් ලෝකෙ පෙරලන්නවත් උවමනාවක් නෑ උන්ට ඕන තාත්තා නය වෙලා එවන 2500 නය බේරන්න ඉක්මනට මෙතනින් පැනගන්න. සංජීවලාගේ නිදහස් අධ්‍යාපනේ රැකිල්ලෙන් වෙන්නෙ අවුරුදු 4ක් නය වෙවී ඉගන ගන්න එකා අවුරුදු 5ක් 6ක් නය කාරයෙක් කරවලා තියන එක.

උබට නොතේරුනාට සංජීව සක්කුව බර උන් උබලා එක්ක පාරට බැහෙලා ජෝගි නටන් නෑ . ඔතන නැත්තං උන් කෙලින්ම කටුනායකින් උඩට . මොකුත්ම කරගන්න බැරි ගමේ කුබුරු කොටලා, හේන් කපලා , ගල් කොරියේ ගල් තලලා කැම්පස් යවන එකා තමා  නන්නත්තාර වෙන්නෙ. ඔතන මාසෙකට හමාරකට කැම්පස් වහපුවාම ඌටත් වෙන්නෙ ගෙදර ගිහින් ගල් කඩන්න වලව්වෙ බේබිලා නම් යාල කුමන සෆාරි යයි.

නිදහස් අධ්‍යාපනේ රැකපල්ලා එපා කියන් නෑ. හැබෙයි පුලුන් බෝල පුම්බලා කොලේ වහන් නැතුව. අපිත් දන්නවා කොයි වෙලේ හරි ඔය මහ පුටු වල ඉන්න උන් නිදහස් අධ්‍යාපනේට ගේම දෙයි කියලා. හැමදේම විකුනගෙන කාපු උන්ට ඕක ලොකු නෑ බං හරියට බත් කාල කෙහෙල් ගෙඩියක් කනව වගේ උන් ඕකත් කාල දායි. 

උබලා උබලගේ ජීවිතවලට පාරවල් කපා ගන්න රුපියල් 45ට වතුරත් එක්ක බත් කාල , ටැන්කි පුරව පුරව නාගෙන , මහපොල 2500 රෝල ගහන අහිංසකයවන්ව මුක්කු වලට ගන්න එපා. උබලගේ මේ බොරු නාට්ටියෙන් වෙන්නෙ මහ උන් කරන්න හදන දේ උබලම කරලා දෙන එක. ඉඩමක් හරි උකස් කරලා  උගන්නගන්න පුලුවන් කම තියන එකෙක් තොපි හින්දා දැන් ලමයි කැම්පස් එවන් නෑ. එක්කෝ රටකට යවනවා. නැත්ත ප්‍රයිවට් එකකට දානවා.  කට්ට කාගෙන හරි ගිහින් ඉගනගන්න හදන එකෙක් උබලගෙ කෙහෙල්මල් වලට ආවෙ නැත්තං උං මරාගෙන කන්න හදනවා. උබලා නිසා කැම්පස් අත ඇරලා ආව උන් ලිස්ට් පිටින් මම දන්නවා . ඒ අතින් බලපුවාම එදා ඉදලා හිටපු කිසිම රජයක් තොපි තරම් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්තු උන්ට වල කපලා නෑ.

පාන් රාත්තල් රුපියලකින් වැඩි උනාම , තොපේ එකෙක් මොනවා හරි කුප්ප වැඩක් කරලා කූඩු කලාම පන්ති කාමරේ ඉගන ගන්න එකාවත් ඇදගෙන පාරට බහිනවා නිදහස් අධ්‍යාපනෙ රකින්න. රැකෙයි බලගෙන හිටපන්. පුලුවන් නම් ඉගන ගන්න දවස් 5 ඉගනගෙන අනික් දවස් වල කරන රෙද්දක් කරපන්. අධ්‍යාපන ඇමතියගේ. රටේ ජනාදිපතිගේ ගෙදරට යන පාර වහගෙන පැයක් බැරිනම් දවසක් ඉදගෙන හිටපං . පුලුවං නම් සංජිව උබ  ඔය ඉල්ලීම ටික ඉල්ලලා ගිනි තියාගෙන මැරියං .. හැබෙයි උබ මැරියං කාගෙ හරි අහිංසක අම්මෙක් තාත්තෙක්ගේ පුතෙක් ෆෝම් කරලා මල්ලි ගිනි තියාගනිං කියලා කෑන් එක අතට නොදී.  

උබල ඔය එකක්වත් කරන් නෑ මොකද එහෙම උනොත් උබලා කපාගෙන යන පාර කපලා දෙන්න කවුරුත් නෑ. උබලට නිදහස් අද්‍යාපනේ ගැන්වත්. එකෙන් ඉගන ගන්න උන් ගැන්වත් කැක්කුමක් නෑ බං උබලට තියන කැක්කුම දන්නේ උබලා තුන් හතර දෙනා විතරයි. ඒ කැක්කුමට විදවන්නේ අහිංසක පොඩි උන්.

  
කැමරාකාරයෙක් කැමරාව අල්ලපු ගමන් ඇඩෙන මූනක් හදාගෙන උබ කියවන විස්තර අහපුවාම අපිටත් ඇඩෙනවා සංජීව . ඒ වෙලාවට හිතෙනව  මාසෙකට සැරයක් කෑම එකක් අරන් නංගි බලන්න යන අපි තරම් වත් උබ කැම්පස් එකකට ගිහින් නැද්ද කියලා. අඩුම තරමෙ උබ කියවන ඒව උබටවත් තේරෙනවද කියලා. උබ කියන බහුබූත නෙවෙ. ගිහින් බලපන් කැම්පස් වලට හොස්ටල් වලට උන්ට ලයිට් නෑ , වතුර් නෑ. දහ දෙනෙක් නාල ඊලග උන් නාන්න ටැන්කි පිරෙනකම් ඉන්න ඕන . හොස්ටල් වල වහලවල් ඔලුවට කඩන් වැටෙන්න.  කැන්ටිමේ කෑම පිගන බල්ලෙකුට හැලුවොත් ඌ සිහි නැතිවෙලා වැටෙනවා. අඩුම තරමේ ඊලග පාර පාරට බහිනකොට අදින පොස්ටර් ටිකට ඔය ටික ලියාගෙන පලයන්. තේරෙන බාසාවෙන්.

එහෙම නැතුව පිස්සු බල්ලෝ රැලක් වගේ අහිංසකයෝ උසි ගන්නලා. උන්ව පාරට දාල උන්ව කාලකන්නියො නොකර උන්ට මිනිස්සු වෙන්න දීපන්. උබලා ඔය කරන්නෙ ඉරිසියාවෙන් කුහක කමෙන් උන්ගෙ ඔලු පුරවන එක.









මේ ලිපිය කියවන ඔබ එක් කාරනාවක් සිහියේ තබාගෙන මෙම ලිපිය කියවන මෙන් ඉල්ලා සිටින්නෙමි. එනම් මෙම ලිපිය ලියන මා අවුරුදු 18දී ජන්ද බලය ලැබ මේ වන විට ගතවී ඇති වසර නවය තුල එක් වතාවක් හැරෙන්නට කිසිදු විටක කිසිදු පක්ශයක් වෙනුවෙන් ජන්දය භාවිතා නොකල අයෙක්මි.   එක් වරක් ජන්දය භාවිතා කරන ලද්දෙ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව පැවති ජන්ද විමසුමේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් වන අතර . දැන් නම් ඒකද අපරාදේ කියා සිතෙන වෙලාවල් ඇත.

83 comments:

  1. ඕන ප්‍රශ්නෙකට මුළින්ම කරන්නෙ ස්ට්‍රයික් කරන එක. කැම්පස් එකේ විතරක් නෙවෙයි, අනික් තැන්වලත්. අපේ සරසවිවල ඉන්න බහුතරයක් ළමයි යැපෙන්නෙ අනුන්ගෙන්. ඒ හින්දා වගකීමක් ඇති වෙනවා වෙනුවට වෙලා තියෙන්නෙ වගකීමක් නැති වීම. ඉගෙනගන්න එක නවත්තන්නෙ නැතුව, කැම්පස් එක වහගන්න මාවතට තල්ලු නොකර, අනික් මිනිස්සුන්ටත් ඇණයක් නොවී ඔය ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් උත්සාහ කරලවත් බලන්නෙ නැහැ. අන්තිමට වෙන්නෙ මොකද? සල්ලි කීයක් හරි වියදම් කරන්න පුළුවන් අය, පෞද්ගලික ආයතනවලින්, එහෙමත් නැත්නම් පිටරටකට ගිහින් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්නවා. එහෙම බැරි ළමයිනුයි වයසත් ගෙවාගෙන, දෙමවුපියන්ගෙ මුදලුත් නැති කරගෙන, දුක් විඳින්නෙ.
    ඕකෙ ලස්සනම් දේ, කැම්පස් එකෙන් පිට වුණහම, කී දෙනෙක් ළඟ ඔය "දේශපාලනය" තියෙනවද කියන එක. මමනම් පෞද්ගලිකව දන්න හැම කැම්පස් විප්ලවකාරයෙක්ම, එළියට ආවට පස්සෙ, එක්කො පුළුවන් ඉක්මණින් පිටරටකට ගිහින්, (පිටරටකට කිව්වට, අප්‍රිකාවෙ අසරණයින්ට උදව්වට එහෙම නෙවෙයි, අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය වගෙ) සැපෙන් වාසය කරනවා. එහෙම නැත්නම්, අර ඒ දවස්වල ගිරිය පුප්පගෙන විරුද්ධ වුණු "බහුජාතික" සමාගමක ඉහළ වැටුප් සහිත රැකියාවකට පැනගෙන, හරිහම්බ කරගෙන, ළමයින්වත් අර ඒ කාලෙ "ගැට්ට" වැඩියයි තමන්ම අපහාස කළ ඉස්කෝලවලට දාගෙන, ධනපතියයි තමන් බැන්න සමාජයටම කොහොමහරි හේත්තුව දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.....වෙන අයගෙන් යැපෙන කාලේ අවුලක් නැහැ ඕන විප්ලවයක් කරන්න පුළුවන්...එත් සමාජේට බැහැලා පවුලක් කාරිය වුනාම ඉතිං ජිවන විප්ලවයේ කරන්න එපායි.....මංනම් ඔකේ ඒ හැටි අවුලක් දකින්නේ නැහැ ...දේශපාලන මතවාද විවිධාකර තත්තව මත වෙනස් විය යුතුයි....හැබැයි විපක්ෂයේ ඉන්න උන්දලා ටිකගේ බල්ට් ,මතවාද වෙනසට අදාල නැහැ හොඳේ...

      Delete
    2. මටත් ඔය ටිකම තමා හිතෙන්නෙ අක්කන්ඩි

      Delete
    3. කන්‍යා ලග්නය


      අපි කැම්පස් ගිය කාලෙත් ඔයවගෙ සෙට් එකක් හිටියා. මට දැනට වසරකට පමණ කලින් මෙහෙම බැහැල වැඩ කරපු එකෙක් සෙට් උනා. තුන හතරක් දාගෙන කන සාක්කුවට වැටෙන සයිස් එකට ආවම පොර පාපොච්චාරනයක් කලා. "මචං අපරාදෙ.... ඒ කාලෙ අපිට ටිකක් ඉගෙනගන්න තිබුනා... එහෙම උනානම් මෙහෙම වෙන්නෙ නැහැ.... උන්ට බැහැල වැඩ කල අපියි මෝඩයෝ...."

      මම මොනව කියන්නද ? ඔහේ අහගෙන උන්න... අපිට අපතයෝ කියල බැන්න කටින්ම තමයිනෙ මෙහෙම කිව්වෙ. තව අවුරුදු 20 කින් මෙයාල කියන දේත් මේ වගෙ තමයි. පව් අහිංසක දෙමවුපියෝ....

      Delete
  2. අද අපේ රටේ තියෙන්නේ අධ්‍යාපනය වටා සැකසුන ප්‍රබල ආර්ථික සංස්ථාවක්. නිදහස් අධ්‍යාපන වරම තියෙන තුරු ඒකේ අගේ දැනෙන්නේ නැහැ. ගාස්තු ගෙවා පොත් පත් මිලදී ගන්න වුනා නම් රඟේ දැනේවි.

    වර්තමාන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන අවස්ථාව සකසා ඇත්තේ (යෝජිත වෛද්‍ය විදුහල හැර) ජනප්‍රිය විෂයදාරා/උපාධි ඉලක්ක කර ගෙන. දේශයක සමාජ ආර්ථිකයේ බුද්ධිමය අවශ්‍යතාවය සැපිරීම එතැනින් ඉටුවේවිද? මේ කාසියේ ද දෙපැත්තකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අධ්‍යාපනය රැක ගැනීමෙ කැක්කුමක් තියනවා නම් කල යුතු දෑ බොහොමැයි . අයියා. උගතුන් කියලා සම්මත කරලා විශ්ව විද්යාලෙට එන උන් ටික උගතුන් නොකර එක එකාගෙ හොද්දවල් බොර කරගන්න ඇමට ගන්නවා. විශ්ව විද්යාලයට එන්නෙ බුද්දිමතුන් නම් ඇයි මෙකට බුද්ධිමත් තීරන හොයන්න බැරි. බැරිකම නිසා නෙවෙ එහෙම බුද්ධිමත් මාර්ග තෝරගත්තම. එතනින් කොස් ඇට බාවගන්ඩ බැරුව යනව

      Delete
  3. http://whiteblack-grey.blogspot.com/2013/07/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ඔතන තමා මහත්තයෝ ප්‍ර්ශ්නේ තියෙන්නෙ සංජීවලා වගේම ඔයාලත් උත්තර බදින්නේ හැංගිලා. නිදහස් අද්‍යාපානේ ඇත්තටම රකින්න ඕන. මම අහන්නේ පාරේ යන බස් 10ක් නවත්තලා උබෙයි මගෙයි අම්මාලා පැය 5ක් 6ක් ඒ බස් වල වේලපුවාම නිදහස් අධ්‍යාපනේ රැකෙනවද. ඒකෙන් වෙන්නෙ මුලු විශ්ව විද්‍යාල වල ඉන්න හැම් එකාගෙම අම්මලට පින් අනුමෝදන් වෙන එක නෙවේද..

      ඇත්තටම කැක්කුමක් තියනවනම් මොලෙන් ගහපල්ලා. 5 වසරේ පොඩි උන් වගේ බැලුමක් අරන් දුන්නෑ කියලා පාරේ බුදිය ගන්නෙ නැතුව.

      අපිත් කැම්ති නිදහස් අද්‍යාපනේ රැකපන් . ලමයින්ට මීට වඩා සලකපන් කියලා එස්.බී ගේ ඔලුව පලලා සංජීවය හිරේ ගියා නම් එහෙනම් ඉස්සර වෙලාම උගේ පොස්ටරයක් බිත්තියෙ අලවගන්නෙ මම

      Delete
  4. විකල්ප යෝජනා ද තිබුණානම් අගනේය.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ තියන එකම ක්‍රමේ පාරක් පාරක් ගානෙ වාහන නවත්තගෙන , මාස 5ක් 6ක් කැම්පස් වහගෙන ස්ට්‍රයික් කරන එකද..

      Delete
  5. මාරයට පොරොන්දු වෙලා ආවේ උඹට අම්බානක බනනවා කියල. ඒත් කොහොම බනින්නද බං මේ ලියලා තියන දේ දැක්කම. තව ලියපං මලයා තව ලියපං මේ ඇත්ත ලියපං.අවශ්‍ය වුණොත් මේ ලිපිය මං උඹේම නමින් ලොකු වැඩකට ගන්නවා. එපානං වහාම කමෙන්ටුවක් දාපන්.මා ගැන මාරයාගෙන් දැනගන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. ලොකු වැඩකටනම් ගන්න අයියන්ඩි... පොඩි වැඩ වලටනම් ගන්ඩ එපා ඕන්.. :D . හැබෙයි ඔය මාරය කියන එකාව නම් සතේකට විශ්වාස කොරන්ඩ එපා. ඌ මාව වැලදුවා..

      Delete
  6. කියන්න තියෙනදේ කෙලින්ම කියල තියෙනවා.. පහු ගිය දවසක අපිත් සබරගමුව කැම්පස් එක ගාව බණ්ඩාරවෙලට යා ගන්න බැරුව පැය 8 ක් පාරේ හිටිය.. අපි විතරක් නෙවෙයි එදා රස්සාවට ගියේ නැත්තන් රස්සා නැති වෙන අය, හයක් හතරක් නොතේරෙන කිරි සප්පයොත් එදා පාරේ රස්තියාදු උනා ළමයි කීප දෙනෙක් පන්ති තහනම් කළා කියල.

    මේ පොස්ට් එක ප්‍රින්ට් කරලා ගිහින් දෙන්න ඕනේ ඔය පාරේ කෑගහන ළමයින්ට එතකොටවත් තේරෙනවද බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔතන පාරෙ හිටපු උන්ගෙන් බහුතරයක් බලෙන් ඇදන් ආපු උන් කියලා ඒ වෙලාවට කවුරුත් හිතනවද. ඔයාල පැය 8ක් පාරෙ හිටියෙ නිදහස් අධ්‍යාපනේ විනාශ කලේ ඔයාල නිසාද. ඔන්න ඔය ටික කවදාවත් සංජීවල තෙරුම් ගන්නෙ නෑ නොතේරුම් කමට නෙවෙ . සංජීවලට ඕනත් ඒ ටික කවදාවත් කාටවත් නොතේරෙනවට

      Delete
  7. ඇත්ත ඇති සැටියෙන්...+++++++++++++++++++ ජය

    ReplyDelete
    Replies
    1. මට හිතෙන සැටියෙන් තමා :D වැරදි තැනුත් ඇති

      Delete
  8. ඇත්තටම ඔය පාරවල් වල ස්ට්‍රයික් කරන කට්ටියගෙන් කී දෙනෙක් තමං කරන්නෙ මොකක්ද කියන එක තේරුං අරං ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. සංජීවය තේරුම් අරං ඉන්නෙ.... :D හැබැයි උගේ ඇම කාල ඌ ගහන පදේට නටන උන් තාම තේරුම් අරං නෑ

      Delete
  9. ඔබ පුද්ගල විවේචනයකින් තොරව ඇත්තටම දැන් අද්‍යාපන ක්ෂේත්‍රයේ තියන ප්‍රශ්නය තේරුම් ගන්න උත්සහ කලානම්, ලිපිය සමබරව ලියන්න උත්සහ කලානම් මේ ලිපිය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. මම මට තේරෙන බාසාවෙන් දැන් අද්‍යාපන ක්ෂේත්‍රයේ තියන ප්‍රශ්නය ගැන තමා ලියලා තියෙනෙන්. සංජීව වෙනුවට ඇත්තටම නිදහස් අධ්‍‍යාපනේට ආදරේ කරන එකෙක් ඒ තැන ගන්න ඕන එහෙම නැතුව. නිදහස් අධ්යාපනේ පෙන්වලා තමුන්ගේ දේශපාලන ගමනට අත්තිවාර්ම් දාන එකෙක් එතෙන්ට තෝරගන්නෙ නැතුව.

      Delete
  10. ආහ් මේ මෙයානේ...ඔයාව කළින් දැකලා තියෙනවා..වෙනින් වෙලාවක එන්නම්කෝ..

    ReplyDelete
  11. අඩෝ උබ මේ මොනාද ලියල තියෙන්නේ ඕවා ලියන්න මෙතන බ්ලොග් ස්ගිස්කුරුතිය වනසන්නද ඩෝ...... යේ මේවා ලියල අහු වෙන්න එපා අරි.........(මරයට පොරොන්දු වෙලා අපු නිසා බැන්නේ උව තරහ කරගෙන බැනේ මොනාවුනත් උ මාරයනේ උබ ගණන් ගන්න එපා මම ඔය බැනපුව....... මරයව දැක්කොත් බය උනා වගේ ඉදපන් )

    ReplyDelete
    Replies
    1. මං......... බය................ උනා... ( අනේ උගේ මාර හබරන පාරේ බස් එකකට යටවෙච්ච හිකනලෙක් වගේ)

      Delete
  12. මම ලිව්වැයි කියලා හිතා ගනින්.. සමාජවාද හරක් එදා ඉඳලම මේ රට කන එක විතරයි කලේ. බුද්ධාගම ව්‍යව්ස්ථාවට රිංගෙව්වෙත් ඔය ගොන්නු. දන්න එකෙකුට කියහන් හොඳට අත දිග ඇරලා කනටම ගහන්න කියලා. කාළකන්නි. උන් ඉගෙන ගන්නෙත් නෑ. ඉගෙන ගන්න එකෙකුට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. අන්තීමට උන් ගොඩ. අහින්සකයෝ අමාරුවේ..

    උඹේ මස්සිනා පාර කිව්වේ.. ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. "උන් ඉගෙන ගන්නෙත් නෑ. ඉගෙන ගන්න එකෙකුට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. අන්තීමට උන් ගොඩ. අහින්සකයෝ අමාරුවේ. "

      ඕකම තමා මටත් හිතෙන්නෙ....:D

      ප.ලි

      මස්සිනා කිව්වෙ මාරයටද ඊට වඩා හොදයි සංජීවයා මස්සිනා වෙන එක

      Delete
  13. මාරයාගෙ link එකෙන් මේ පැත්තට ආවෙ..කියන්න ඕන දේ කෙලින්ම කියල තියෙනව.
    ඔය කියන දේශපාලනේ තියෙන්නෙ කුහකකම තමයි. අඩුමගානෙ තුන්වේලට කන්නවත් නැති බහුතරයකගෙ ළම්යි තමයි ඔය තැන්වල ඉන්නෙ. මුන් කරන මේ පිස්සු වැඩවලින් කෙලවෙන්නෙ උන්ට. සමහරවෙලාවල් වලදි තේරෙනව කරන්න යන්නේ හරි දේයක් උනත් කරන විදියෙ වැරැද්දක් තියෙනවා. අසාධාරණේට විරුද්ධ වෙන්න ඕන. නිදහස් අධ්‍යාපනේ රැකගන්න ඕන. ඒක අපේ වගකීමක්.
    ඒත් මේ කරන දෙයින් පේන්නෙ නිකන් අර බල්ලොන්ගෙ නැට්ට මැක්කො කනකොට ඌ හෙන තරහින් උගේම නැට්ට හපගන්නව වගේ වැඩක්. අන්තිමට වේදනාව ඌටමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් .... මම පුද්ගලිකව දැක්කා පහුගිය කාලෙ කැම්පස් වැහුන වෙලාවල් වල ලමයි කී දෙනෙක් විදෙව්වද කියන එක. නිදහස් අධ්‍යාපනේ ඇත්තටම රකින්න හදන එකාට ඔතන තැනක් නෑ.

      Delete
  14. ලංකාවෙ අධ්‍යාපනෙට සම්බන්ද ඔක්කොටම පිස්සු කියල මට හිතෙන්නෙ,
    මම A\L ඉවරකරල කැම්පස් සිලෙක්ට්වෙලත් මේ වෙනකොට අවුරුදු දෙකක් ගෙදර,
    තාම මගෙ ෆැකල්ටිය පටන්ගන්න හිතලවත් නෑ.
    පටන්ගත්ත ගොඩක් කැම්පස්වලත් ඉන්න යාළුවො, පිකට් කරන්න, පෙලපාලි යන්න, ටිකට් විකුනන්න වගේ දේවල්වලට ගිහින් බොරුවට කට්ටකනව.
    ඉගෙනගන්නෙ මෙව කරන්නද
    මේව මතක් වෙනකොට දැනෙන්නෙ ගොඩක් ලොකු වෙදනාවක්.....

    ReplyDelete
    Replies
    1. මචං විසදන්න පුලුවන් ප්‍ර්ශ්න වලට විසදගන්න ඕන ක්‍රම ඕන තරම් තියෙද්දි. වෙන අදහස් ඔලුවෙ තියන නටන මුං වගේ එවුන් ඉන්නකම් ඊලග පරම්පරාවත් ගෙදරම තමයි

      Delete
  15. ඔයාගේ බ්ලොග් පොස්ටුවට ආවේ මාරයාගේ මාර පොස්ටුව දැකලා..බනින්න කිව්වට..මොනවට බනින්නද අප්පා..බනින්න ඕන අයට බැනල දොඩලා මේ යස අගේට ලියලා තියෙන්නේ...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ බුදු බනෙත් කියලා තියනවා මාරයා කියන එකා මහ ශුවර් නැති එකෙක් කියලා

      Delete
  16. මාරයා බනින්න කිව්වට කොහොමද අප්පා බනින්නේ!
    දිගටම ලියන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊලග සැරේ මාරයට බැනලා ලියන්නං.. එතකොට ඇවිත් උටම බනින්ඩ

      Delete
  17. කිප දෙනෙක් වෑරදියට තෙරුම් අරන් තිබුන මට හිතෙන්නෙ .මම දකින්නෙ මෙ කියල තියෙන්නෙ අද්යපනය ගෑන නෙමෙයි එකෙ ප්‍රශ්න විසදගන්න මෙයල හවිත කරන ක්‍රමය ගෑන. ඈත්ත මුන් හිතන්න අහින්සක මිනිස්සුන්ට වද දුන්නම අන්ඩුව බයකරන්න පුලුල්වන් කියල.බනින්න අවෙ මරයත් එක්ක.එ උනාට උනෙ උබත් එක්ක සන්ජීවයට බනින්න.දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත ක්‍රමය තමා වැරදි.. එන්ඩ එන්ඩ පැල්බැදගෙන බනිමු..

      Delete
  18. අසූ අට අසූ නමේ කාලේත් "අද වහලා අද ලෙක්චර්ස් නෑ" කීවම ලමයි ඉතින් එලියට වෙලා ඉන්නවා - ඒ කාලවල විශ්ව විද‍යාල වල වෙච්චි පසුබෑම්, කථිකාචාර්‍යවරු, අනෙකුත් අනධ්‍යයන සේවක සේවකයින්ගේත් සිසු දරුවන්ගේත් කැපවීමෙන් කොහොම කොහොම හරි මගහැරවා ගත්තා - මොන උද්ඝෝෂණයක් කලත් කමක් නෑ මූලික අරමුණ ඉටු කරගන්න හා ඒවාට සම්බන්ධ නැති උදවියට බාදාවක් නොකර, හර්ෂණ කීවා වාගේ - උද්ඝෝෂණ, රැලි, හර්තාල් වලට තරුණ ජවය ඕනේම තමා ඒත් ටිකක් විචාරශීලීව කරනවනම් තමා කොයි දේත් අර්ථසම්පන්න වෙන්නේ - ඕකට ඉතින් සමාජවාදයට වත් ඒ දරුවන් වැලඳ ගන්න අනෙකුත් මතිමතාන්තර වලට වත් දොස් කියල වැඩක් නෑ - අවස්ථාවාදී නායකයෝ ගමේ මරණාධාර සමිතියෙත් ඉන්නවා - දැන් අපේ ලමයෙක් විද්‍යාලයෙන් එළියට එන්නේ 23ක් 24ක් වත් වෙලා - මේක අපේ ලංකාවේ අයට අපේ රටෙන් පිට රැකියා සෙවීමේදී ලොකු අඩුපාඩුවක් වෙනවා - අපේ ආයතනයට ලංකාවෙන් ඉංජිනේරුවෙක් සොයාගන්න / පත්කරගන්න අපට අනෙකුත් ඉන්දියානුවන් එක්ක වෙනම යුද්ධයක් කරන්න වෙනවා - මොකද අවුරුදු 23 කියන්නේ සමහර ඉන්දියානු අය ඒ වෙනකොට පාශ්චාත් උපාධි එක්කලා රැකියා පුහුණුවකුත් ලබාගෙන ඉවරයි - දෑතේ ශක්තිය වඩවාගෙන ගහන පහර ප්‍රබලයි - කලබලෙන් නුපුහුණුව ගහන පහරට වඩා!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා ඇත්තටම නිදහස් අද්‍යාපනේ රකින දෙයක් මෙයාලගෙන් වෙන්නෙනෑ හේතුව එහෙම උනොත් පාඩුව උන්ටමයි

      Delete
  19. පික්සු හැදෙන සඳ ! ඔය පලපේලි තියෙයි නේද ඕක සිරාවටම කරන්නේ පල පේලි කියලලු. මොකද ඒකෙන්ලු කට්ටියගේ මොරාල් අනං මනං හදන්නේ. ගොඩක් වෙලාවට ඕවට යන්නේ පලවෙනි අවුරුද්දේ උන්ලු. සින්නලා උන්ව ඉස්සරහට දාලා පිකප් කරලා ඔහේ ඉන්නවලු. අන්තිමට බැටන් එකයි වතුරයි කඳුළුයි ඔක්කම කන්නේ අර පලවෙනි අවුරුද්දේ උන්ලු. මක්ක කරන්නද !පලවෙනි අවුරුද්ද ඉතින් අවුරුද්දනේ ! ඒ නිසා ගියාට ගියා බං කියලා අපේ කැම්පස් එකේ ගිය එකෙක් ඇවිත් කිව්වලු.
    පස්ට ! (SLIT නෙවෙයි SLIIT ඈ) :D ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් සෑහෙන්ඩ දැකල තියනවා පොලීසියෙන් පන්න පන්න මොරාල් අප් කරනවා

      Delete
  20. මාරයාගේ මාගොපදේශක සේවය හරහා ආවේ. මම හිතුවේ මට පිස්සු කියලා. කරුමෙට මටත් හිතෙන්නේ ඔය විදියටමයි. අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ තරුණ ජවය අවභාවිතාවක් මෙතන වෙන්නේ. අර බස් වල ලියලා තියෙන්නේ "සත්‍ය වැටහෙන විට සියල්ල සිදු වී හමාරයි" කියලා. ඔන්න ඕක තමයි ඔතනත් වෙන්නේ.

    ReplyDelete
  21. මං හිතන්නෙ නෑ සංජීවලා කරන්නෙ බොරුවක් කියලා. පරිසරයයි, අනෙක් බාහිර බලවේගයි උන්ව ඒ තැනට ගේනවා. උඹ හරි මම හරි එතන හිටියා නම්, අපිත් පාරේ බැහැලා කෑගගහා යයි.

    දැන් පරම්පරා ගාණක් තිස්සේ මේක මෙහෙම වෙන්නෙ ඇ‍යි? කැම්පස් එකේදි මෙහෙම කරන්නත් එළියට ආවහම වෙනස් වෙන්නත් හේතුව මොකද්ද? අපි දන්න කියන කාලයක් තිස්සේ කැම්පස් ගිය හැම පරම්පරාවම මේ සෙක්කුව වටේ යන්නේ ඇ‍යි?

    මේක උන් හදා ගත්ත දේකට වඩා, කාලයක් තිස්සේ කැම්පස් එකේ තියලා තියන කිල්ලක් වගේ. එන එන හැම එකාම ඒකට අහු වෙනවා. තේරෙනකොට පරක්කු වැඩියි.

    උඹ = uBa

    ReplyDelete
    Replies
    1. ඒ කෑ ගහ ගහ යන උන් අතරේ කී දෙනෙක් අතින් මූන වහගෙන ඒ පෙලපාලි වල යනවා උඹ දැකල තියනවද. ඇත්ත්ටම ඔතන ඉන්න උන් ඕකට සම්බන්ධයි කියලා උඹ හිතනවද ? හැම එකාම අහු වෙනවා නෙවෙ මචන් අහු කරනවා බලෙන් හරි.


      අනිත් කාරනේ මම එතන හිටියනම් කීයටවත් කෑ ගහ ගහ පාරේ යන්නෙ නෑ ඔය වගේ වල් බූරු තේරුමක් නැති වෙන කොටසකගේ බඩ පුරවන අපේ හම යන දෙයක් වෙනුවෙන්.

      ඔක වෙනස් නොවෙන්නෙ ඇයි කියලා උඹට තාම තේරුම් ගන්න බැරි උනාද . අපි ඔය අවුරුදු 5කට සැරයක් රවුම් කර කර උඩට යවන හැම එකාම බිලී කොක්කෙ අමුනලා ඇමට දාන්නේ ඔතන ඉන්න උන් ටික. උන් එකෙක්ටවත් ඔතනින් බුද්ධිමත් එකෙක් එලියට ගන්න උවමනාවක් නෑ

      Delete
  22. අන්තරේට බලය තියෙන හැම කැම්පස් එකකම (කොළඹ හා රුහුණ හි විද්‍යා පීඨය හැර) අළුත් උන්ට රබර් සෙරෙප්පු දම්මලා වඩම්මලා දෙනවා තෙල කියාල එකක්. ඕකේදී මොලේ හෝදනවා . කිසිම කැම්පස් එකක කන්නන්ගර මහත්තයාගේ පින්තූරේ නැහැ. අඩු ගානේ ලලිත් ඇතුලත් මුදලි මිය ගිය දවසට මහපොල ගන්න උන් සමරන්නේ නැහැ. නමුත් චේගූවේරාව සමරනවා .බිත්තිවල ඇදන් තියෙනවා. චේ ගූවේරා ලංකිවට කරලා තියෙන එකම දේ ඉංගිරිය පැත්තේ රබර් වත්තන මහෝගනී ගහක් ඉන්දුව එක විතරයි.
    නිදහස් අධ්‍යාපනය දුන්නේ, පෙළ පොත් නොමිලයේ දුන්නේ, අදින්න රෙදි දුන්නේ, මහපොල දුන්නේ ඔක්කොම කලේ එකම පක්ෂයක මිනිස්සු. නමුත් මුන් මොනවාද නිදහස් අධ්‍යාපනය වෙන් වෙන් කර ඇත්තේ? පල්වෙන සිලබස් එකක් අවුරුදු 35 ක් විතර එක දිගට උගන්වන්න කියලාද? පිටවන product එක රටටවත් උන්ටවත් වැඩක් ඇති දෙයක්ද?
    අනේ මුන්ගෙන් අධ්‍යාපනය නිදහස් වන්නේ කවදාද?
    udara9jayasinghe@yahoo.com

    ReplyDelete
  23. 1986 A/L කරපු අපි වී. වී. එලියට ආවේ 1994 දී. ජිවිතේ වටිනාම කාලය නිරපරාදේ ගත උනා. මම නම් කියන්නේ වී. වී. ශිෂ්‍යයින් ඇතුලත් වීමේදී සඳහා යම්කිසි ගිවිසුමක් හදුන්ව දිය යුතු බවයි. හේතුව නම් ඔවුන් නිදහස් අධ්‍යාපනය සඳහා බදු ගෙවන සියලුම ජනතාව වෙත වගකිව යුතු බැවිනි.

    ReplyDelete
    Replies

    1. සහතික ඇත්ත. අපිට වෙච්ච විනාසය කවදාවත් හරිගස්සන්න බැහැ. මුලු ජීවිතයම පස්සට ගියා. හැම අතින්ම.
      ඔයදේවල් තේරුම් ගන්න කොට හොඳටම පරක්කු වැඩියි...මොනව උනත් අපතයෝ වෙච්ච නිසා අපි මේ තරමින් වත් බේරුනා.

      පේරාදෙනියෙදි පොලීසිය අල්ලල නඩුදාපු අපේ එකෙක් අවුරුදු 8ක් විතර උසාවි ගියා. කැම්පස් ඉන්න කාලෙ ඔක්කොම පිරිවරාගෙන රජෙක් වගෙ උසාවි ගිය එකාට පස්සෙ කාලෙ හිටියෙ අහිංසක තාත්ත විතරයි. ගොවිතැන් කරපු කෙට්‍ටු වයසක කෙනෙක්. කොහොමහරි අන්තිමට නඩුකාරය නඩුව විසිකල නිසා මිනිහ බේරුන දැන් ගණකාධිකාරී කෙනෙක්

      Delete
  24. අපේ රටේ රැකගන්න නිදහස් අධ්‍යාපනයක් නැහැ . මොකද උසස් අධ්‍යාපනය ලබන්න හැකි අතලොස්සකට විතරක් නිසා . බහුතරයකට නොලැබෙන දෙයක් නිදහස් වෙන්නේ කොහොමද .නියම නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගන්න ආසා හැමෝටම ඉගෙන ගන්න ඉඩ කඩ ඇති වීම ලෙසයි මා සිතන්නේ . රජයේ විශ්ව විද්‍යාල රැක ගන්නවා වගේම හැකි තරම් අර්ධකාලීන රැකියා කරමින් ඉගෙන ගන්න හැකි උසස් අධ්‍යාපන ආයතන බිහි වෙන්න ඕන . ඒ ලෙවල් වලින් හැලුන ගමන් අනේ අපේ අධ්‍යාපනය ඉවරයි කියන මට්ටමින් මිදෙන්න තියෙන්න ඕන . අපේ කුඩා රටට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ළමයින්ට ඉගෙන ගන්න ඉඩ කඩ සලසන එක . එතකොට උන් පිටරටවල හරි ගිහින් ජිවත් වෙයි . රටට බරක් නොවී .[ නිදහස් අධ්‍යාපනය නැති රටක සිට ලියමි ]

    ReplyDelete
  25. හොඳ ලිපියක්. ඔබ ලස්සනට සියල්ල විස්තර කර තිබෙනවා.මාරයාටත් ස්තුතියි මේකට එන්නට මග පෙන්නුවාට.මගේ විරෝධය තියෙන්නේ විශ්ව විද්‍යාලයේදී ඉගෙනුමට මුල තැන නොදී කරන මේ බහුබූත වැඩ වලට මුල්තැන දෙන්නේ මන්ද කියන එකටයි.(මට විශ්ව විද්‍යාලයකට යන්න බැරි උන තරහකින් ලියනවා එහෙම නෙමෙයි. මා අපේ රටේ විශ්ව විද්‍යාල දෙකකම අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබලා තියෙනවා. (පුස්තකාලේට ගොස් බැලුවොත් කියවන්න කෙනෙක් නැතිව ලක්ෂ ගණන් වටිනා පොත් මකුළුදැල් බැඳී බැඳි තියෙනවා.ඕව එකලදී නොකියවූ පාඩුව දැනෙන්නේ විශ්ව විද්‍යාලයෙන් එලියට ආපුවාමයි.

    ReplyDelete
  26. ඔය වගේ එක එකා විකුනලා ආපු උන් තමයි දියවන්නාවේ ඉන්නෙත්. උන් ඔතනට එනකන් විතරයි ඔය ඔක්කොම. පේන්නැද්ද අපේ පංචායුද එහෙම. වැස්සකටවත් ඉස්කෝලේ නොගියට මොකද ඔය කැම්පස් කොල්ලොත් කඩේ යවන්න තරම් මීටර්. අම්මපා මටත් හිතෙනවා මුන්ගේ software එක windows xp වත්ද කියාලා නැත්තන් යකෝ මේ තරම් virus බෝ වෙන්නේ කොහොමෙයි මුන්ට. යකෝ මුන්ට අඩුම අර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් වත් නැනේ ඉන්ටෙලිජන්ට් තියා. සංජීවත් sb වෙයි එදාටත් තවත් සංජීව කෙනෙක් ඔය විදිහටම ඉඳියි.

    ReplyDelete
  27. කැමරාකාරයෙක් කැමරාව අල්ලපු ගමන් ඇඩෙන මූනක් හදාගෙන උබ කියවන විස්තර අහපුවාම අපිටත් ඇඩෙනවා සංජීව . ඒ වෙලාවට හිතෙනව මාසෙකට සැරයක් කෑම එකක් අරන් නංගි බලන්න යන අපි තරම් වත් උබ කැම්පස් එකකට ගිහින් නැද්ද කියලා. අඩුම තරමෙ උබ කියවන ඒව උබටවත් තේරෙනවද කියලා. උබ කියන බහුබූත නෙවෙ. ගිහින් බලපන් කැම්පස් වලට හොස්ටල් වලට උන්ට ලයිට් නෑ , වතුර් නෑ. දහ දෙනෙක් නාල ඊලග උන් නාන්න ටැන්කි පිරෙනකම් ඉන්න ඕන . හොස්ටල් වල වහලවල් ඔලුවට කඩන් වැටෙන්න. කැන්ටිමේ කෑම පිගන බල්ලෙකුට හැලුවොත් ඌ සිහි නැතිවෙලා වැටෙනවා. අඩුම තරමේ ඊලග පාර පාරට බහිනකොට අදින පොස්ටර් ටිකට ඔය ටික ලියාගෙන පලයන්. තේරෙන බාසාවෙන්.

    // මාරයගේ ලින්කුවෙන් මේ පැත්තට ආවේ //

    බොහොම වැදගත් ලිපියක්. නිදහස් අධ්‍යාපනය ගැන කතා කිරීම සුදුසු දෙයක් හැබැයි කතා කරන විදියේ තමයි වැරැද්ද තියෙන්නේ. කතා කරන්නේ කතා කල යුතු දේ නෙමෙයි. අවැදගත් දේ ගොඩ නගන සංජිවලා ඔවුන් වටා ගොඩ නගා ගන්න සහෝදරවරුන්ගේ පවා ජීවිත වල වටිනාකම ශුන්‍ය කරනවා.
    අපිත් දවසක කැම්පස් යාවි. එදාට මොන සංජිවලා බිහිවෙයිද නොදනිමි. අකුළං බලං ඉන්නවා හැර කුමක් කරම් ද මා ????

    ReplyDelete
  28. oya para dige digatama yanna oka thama hari paara sathyaye para

    ReplyDelete
  29. ලිපිය ලියල තියෙන හැටි බොහොම සිත්ගන්නා සුළුයි යාළුවා.. ගොඩක් කරුණු ඔයා දකින විදියට එහෙම නැත්තන් ගොඩක් අපේ රටේ මිනිස්සු දකින විදියට ලියල තියෙනවා.. ඒ ගැන සතුටුයි. (කමෙන්ට්ස් දැක්කම ඒක තවත් පැහැදිලි වුනා..)
    මේක කියෙව්වම හිතට ආපු දේවල් ගැන මමත් මොනවා හරි ලියල දාන්න ඕන කියල මට හිතුන. කිසිම වාදයක් කරන අරමුණක් නැහැ.
    මේකට ඇවිත් කුණුහරපෙන් බැනල ගියත් මට කමක් නැහැ. පස්සෙන් එල්ලී එල්ලී වාද කරලා මිනිස්සුන්ව හදන්න ගිහිපු කාලේ ඉවරයි.. මේක වුනත් දාන්නේ හිතට ආපු අදහස් හිතේ තද කරන් ඉන්නවට වඩා කියල දාන ඒක මට පහසුවක් නිසා..

    මුලටම ඔබතුමාගේ ප්‍රශ්න දෙකට මම උත්තර දෙන්නම්.. ඒ කිව්වේ මුලටම අහල තියෙන මේ ප්‍රශ්න දෙක..

    **1 ) මහා පාරවල් වසා උබලාගෙම අම්මලා තාත්තලා සහෝදරයෝ බස් වල පාරවල් වල පැය ගනන් තප්පවා. වද දෙන්නේ නිදහස් අධ්‍යාපනයට විකුනන්නට හදන්නේ උන් නිසාද ?

    2) නිදහස් අධ්‍යාපනය රකින්නට කියා පෙලපාලි ගොස් නිදහස් අධ්‍යාපනයෙන් ලැබුනු බිල්ඩින් ටික . ඒවායේ ජනෙල් විදුරු ටික ,කුඩු පට්ටම් කරන්නෙ ඒකත් නිදහස් අධ්‍යාපනයේ රැකීමේ කොටසක් නිසාද ?

    1.) නැත
    2.) නැත.

    දෙවැනි ප්‍රශ්නය මට පැහැදිලි මදි වගේ.. ඒ ප්‍රශ්නෙන් මටත් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා..
    නිදහස් අධ්‍යාපනය නිසා ලැබුන , විශ්ව විද්‍යාල සිසුන් කුඩු කළ බිල්ඩින් මොනවාද?? (ඒක සිරාවට මම දන්නේ නැහැ.. මම හැම දෙයක්ම දන්නා එකෙක් නෙවේනේ.. )

    **උබලාට ඇත්තටම නිදහස් අධ්‍යාපනය රකින්නට කැක්කුමක් තියනවානම් කොරන්නට බොහෝ දේවල් ඇත. උබලා පැය ගනන් පාරවල් වසා කලු කොඩි ,රතු බැනර්, මිනී පෙට්ටි පෙන්වනේ උබලාගෙම උන්ට මිසක උබලාගේ ප්‍ර්ශ්න වලට උත්තර බදින්නට ඕනෑ උන්ට නොවන වග උබලාට තාම තේරී නැත.

    නිදහස් අධ්‍යාපනයට ගේම දෙන බව ඔබතුමා දන්නා බව එක් තැනක සඳහන් කරලා තියෙනවා.. එහෙනම් මේ කියන විදියට ඒක රැක ගන්න කරන්න තියෙන බොහෝ දේවල් මොනවද කියල කියන්න පුලුවන්ද උපේන්ද්‍ර??


    **අධ්‍යාපන ඇමතිවත්. රටේ ජනාධිපතිවත් , අමාත්‍යංශ ලේකම් වත් උබලා ඔය පැය ගනන් වහගෙන නටන පාරවල් වල නවතින බස් එකේ ගෙදර යන්නේ නැත. ඔය පාරක් වැහුවා කියාවත් ගිරිය කැඩෙනකම් කෑ ගැහුවා කියාවත් බැටන් පාරක් හැරෙන්නට නිදහසේ වෙන දෙයක් උබලාට ලැබෙන්නේද නැත.


    **සංජීවලා කරන්න ඕන කියලා මට හිතෙන්නෙ මේ දේ .අඩුම තරමේ තියන දේවල් ටිකවත් රැකගෙන ආර්ක්ශා කරගෙන ඉගන ගන්න ඕන කියල ඔතෙන්ට දාහක් බලාපොරොත්තු බැදගෙන එන උන්ට ඉගන ගන්න දෙන එක.

    මචං උපේන්ද්‍ර.. ඔයාගේ නංගි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා කියල නේද මේ ලිපියේ තියෙන්නේ.
    එයාගෙන් අහල බලන්න ඔය උද්ඝෝෂණ , පා ගමන් වලට කවුරුවත් බලෙන් අඬගහගෙන යනවද කියලා ??
    නොගිය එවුන්ට , ගිහිපු එවුන් එකතු වෙලා තඩි බාන්නෙත් නෑ...
    ගිහිපු එවුන්ට වාසියක් කියල දෙයක් වෙන්නෙත් නැහැ..
    යනවද නැද්ද කියන එක තීරණය කරන්න පූර්ණ නිදහසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට තියෙනවා..

    ඕවට යන එවුන්ට බත් පැකට් එකක් , අරක්කු බෝතලයක්, රුපියල් පන්සීයක්‌ එහෙම හම්බෙන්නේ නෑ.. හම්බෙන්නේ අර ඔයා කිව්වා වගේ බැටන් පාරක්, ගල් පාරක්, බෙල්ට් පාරක් තමයි..
    එහෙම දැන දැන දැනත් ඕවට යන්නේ ඇයි ??
    ඒ ගැන ඔයා කැමති නම් හිතල බලන්න..

    විශ්ව විද්‍යාලයක් ඇතුළට රිංග ගන්න එවුන්ට ඔබතුමන්ලට තරම් නැතත් මොළේ පොඩ්ඩක් තියෙනවා , තමන්ට හොඳ දේ මොකද්ද , නරක දේ මොකද්ද කියල තීරණය කරගන්න තරම්..
    පක්ෂයකින් මොළේ හේදුවා කියල පාරට බැහැල කෑ ගහන්න , එක එකාගෙන් ගුටි කන්න , හිර කූඩුවක ලගින්න කැමති කවුද??


    ReplyDelete
    Replies
    1. **නිදහස් අධ්‍යාපනේ රැකපල්ලා එපා කියන් නෑ. හැබෙයි පුලුන් බෝල පුම්බලා කොලේ වහන් නැතුව. අපිත් දන්නවා කොයි වෙලේ හරි ඔය මහ පුටු වල ඉන්න උන් නිදහස් අධ්‍යාපනේට ගේම දෙයි කියලා. හැමදේම විකුනගෙන කාපු උන්ට ඕක ලොකු නෑ බං හරියට බත් කාල කෙහෙල් ගෙඩියක් කනව වගේ උන් ඕකත් කාල දායි.

      හරි උපේන්ද්‍ර. ඔයා මෙතන පැහැදිලිවම කියන දේ ඔයාටම පේනවා නේ??
      නිදහස් අධ්‍යාපනය රැකපල්ලා කියල අපේ කරපිට දාන්න හේතුව මොකද්ද ??

      දැන් මේක ගැන හිතන්න විශ්ව විද්‍යාලවලට පහසුකම් වැඩි කරලා ඒවාට ගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න කියල යෝජනාවලියක් සකස් කරලා භාර දෙන්න '
      1. ගමේ කඩේ සිරිපාලට තිබුන උවමනාව මොකද්ද ??
      2. කන්තෝරුවේ පියදාසට තිබුන උවමනාව මොකද්ද ??
      3.ඔයාට තිබුන උවමනාව මොකද්ද??
      4.දැනටමත් විශ්ව විද්‍යාල වලට ඇතුළු වෙලා නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල විඳින, ඩිග්‍රිය පේන මානෙක තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන උවමනාව මොකද්ද ??

      ඔයාගේ යෝජනා මොනවද ??
      ඔයා කියන්නේ මේක කෙහෙල් ගෙඩිය වගේ ගිලල දානකන් බලන් ඉන්න කියලද?
      එහෙම නැත්තන් ගිල්ලට පස්සේ මොනවා හරි කරමු කියලද ??
      ඔයා හිතනවද රටේ බහුතරයක් ජනතාව නිදහස් අධ්‍යාපනය ගැන සංවේදී වෙයි කියල ??

      මචන් උපේන්ද්‍ර..
      මිනිස්සු පාරවල් වල රස්තියාදු වෙනවා..
      ඒත් අඩුම ගානේ මිනිස්සුන්ව දැනුවත් වෙන්නේ නැද්ද වර්තමාන තත්ත්වේ ගැන..
      අපි පාරට වෙලා හිටගෙන ඉඳල හෑන්ඩ් බිලක්‌ ගහල බෙදුවොත් ඒක කී දෙනෙක් කියවයිද ??
      අඩුම ගානේ ඔයාවත් කියවයිද ??
      අපි පාරට බහිනකොට "අද නම් පාරේ යන මිනිස්සුන්ව කාලකන්නි කරනවා" කියල හිතාගෙන පාරට බහින්නේ නෑ යාළුවා..
      තේරුම් ගන්න...
      නිදහස් අධ්‍යාපනයට හෙන ගහන්න යනවා කියන එක සාමාන්‍ය ජනතාවට කියන්න ටෙලිවිෂන්, රේඩියෝ නෑ අපට.
      අපේ රටේ මිනිස්සුන්ට හිතන්න ඕන තරම් ප්‍රශ්න තියෙනවා.. ඒ අස්සේ නිදහස් අධ්‍යාපනය ගැන සවේදී වෙන්නේ කී දෙනාද ??
      අඩුම ගානේ අපට බැන බැන හරි මිනිස්සු මේවා ගැන දැනුවත් වෙනවා..
      අපි පාරට බැහැල කතා කරලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය ගැන කියලවත් දැන ගන්නවා..
      වැඩේ වැරදි ඇති.. ඒත් එහෙම නැතුව කරන්න පුළුවන් දේ මොකද්ද යාළුවා??

      ** උබලගේ මේ බොරු නාට්ටියෙන් වෙන්නෙ මහ උන් කරන්න හදන දේ උබලම කරලා දෙන එක. ඉඩමක් හරි උකස් කරලා උගන්නගන්න පුලුවන් කම තියන එකෙක් තොපි හින්දා දැන් ලමයි කැම්පස් එවන් නෑ. එක්කෝ රටකට යවනවා. නැත්ත ප්‍රයිවට් එකකට දානවා. කට්ට කාගෙන හරි ගිහින් ඉගනගන්න හදන එකෙක් උබලගෙ කෙහෙල්මල් වලට ආවෙ නැත්තං උං මරාගෙන කන්න හදනවා. උබලා නිසා කැම්පස් අත ඇරලා ආව උන් ලිස්ට් පිටින් මම දන්නවා . ඒ අතින් බලපුවාම එදා ඉදලා හිටපු කිසිම රජයක් තොපි තරම් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්තු උන්ට වල කපලා නෑ.

      මේ ළමයි කරන උද්ඝෝෂණ පා ගමන් නිසා , තමන්ගේ දරුවාව ඒ ලෙවල් කරලා කැම්පස් නොඑවන තරම් දෙමව්පියෝ හැඩ ගැහිලද උපේන්ද්‍ර ?

      මේ "කෙහෙල්මල්" මල් වලට එන්න කියල කොහෙවත් බල කිරීමක් කරන්නේ නැහැ යාළුවා.. එකෙක් දෙන්නෙක් එහෙම කරන්න ඇති. ඒ මොලේ අමාරුකාරයෝ.. අපේ කැම්පස් ජීවිත කාලේදී නම් එහෙම ඒවා අපි දැකල නැහැ.. මම කලිනුත් කිව්වා වගේ මේවට එන උන්ටයි නොඑන උන්ටයි විශේෂ සැලකිලි නැහැ..

      ඔයා දන්න ඔය පාඨමාලා අතැරලා ආපු අයගේ ලිස්ට් ටික කියන්න පුලුවන්ද හේතුත් එක්ක ?? අභියෝගයක් නෙවේ.. ඉල්ලීමක්..

      කිසිම රජයක් තරම් ශිෂ්‍යයෝ නිදහස් අධ්‍යාපනයට වල කපල නෑ කියල ඔයා කියන්නේ කොහොමද ?? මේකට මොකද්ද ඔයා දෙන සාධක ?? මිනිස්සු පාරේ රස්තියාදු වෙන එක , සමහර ශිෂ්‍යයෝ නිසා සමහර අය පාඨමාලා හැර ගිය එක , පාගමන්, උද්ඝෝෂණ , මේවද ??
      තව එකක් ...
      රාගම වෛද්‍ය පීඨයේ ඉතිහාසය ගැන ඔයා දන්නවද උපේන්ද්‍ර ??

      Delete
    2. **ගිහින් බලපන් කැම්පස් වලට හොස්ටල් වලට උන්ට ලයිට් නෑ , වතුර් නෑ. දහ දෙනෙක් නාල ඊලග උන් නාන්න ටැන්කි පිරෙනකම් ඉන්න ඕන . හොස්ටල් වල වහලවල් ඔලුවට කඩන් වැටෙන්න. කැන්ටිමේ කෑම පිගන බල්ලෙකුට හැලුවොත් ඌ සිහි නැතිවෙලා වැටෙනවා. අඩුම තරමේ ඊලග පාර පාරට බහිනකොට අදින පොස්ටර් ටිකට ඔය ටික ලියාගෙන පලයන්. තේරෙන බාසාවෙන්.

      මේ ප්‍රශ්න ගැන කතා කරලා නෑ කියලද උපේන්ද්‍ර ඔයා හිතන්නේ ??
      නැත්තන් 100 % විශ්වාසද මේවා කතා කරලා නෑ කියලා ??
      මම හිතන්නේ උපේන්ද්‍ර ඔබතුමා තව හොයල බැලුවොත් හොඳයි..
      චෝදනාවක් එල්ල කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න ඕන නේද ?

      ඔබතුමා ගොඩක් ආවේගයෙන් ලියපු ලිපියක් කියල බැලුවම පේනවා.. මම කියපු කිසි දෙයක් ඔයා හිතන්න පෙළඹෙන්නේ නැති බවත් මම දන්නවා..
      එක එක තර්ක ගෙනත් ඔයාගේ නිවැරදි බවත් මගේ වැරදි බවත් පෙන්නාවි..
      ඒත් මට තවත් වාද කරන්න උවමනාවක් නම් කොහෙත්ම නැහැ..
      ඔබේ මතය ඔබ ළඟත් මගේ මතය මගේ ළඟත් ඉතුරු වෙයි..

      මොනවා වුනත් අර ඔබ කියපු විදියට නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගිය දවසට , නිදහස් අධ්‍යාපනය රැක ගන්න මට කරන්න පුළුවන් දේ මම කරා කියන සතුටවත් ඔබට දැනෙනවා නම් කමක් නැහැ..
      කියන්න ගොඩක් දේවල් තිබුනත් ඇත්තටම කියන්න හිතෙන්නේ නැහැ. තේරුමක් වෙන එකක් නැහැ.

      සංජීවගේ තැනට මොකා ආවත් ඔය කතා ටික අහගන්න වෙනවා..
      මොකෙක්වත් ආපු නැති දවසට උපේන්ද්‍ර ඔයාට ගොඩක් සතුටු හිතේවි නේද ??
      එදාට විශ්ව විද්‍යාලවල තත්වේ ගොඩක් යහපත් වේවි කියල හිතෙනවා ඇති..
      එහෙම වුන දවසට බලමු ඔබ හරි ද කියල. ඒ දවස වැඩි ඈතක නැති වෙයි..

      මේ කමෙන්ට් එක කියවපු ඔබ සියලු දෙනාත් එක් කාරණාවක් සිහියේ තබාගෙන මේ කමෙන්ට් එක කියවන මෙන් මම ඉල්ලා සිටින්නෙමි.. එනම් අවුරුදු 18 දී ජන්ද බලය ලබපු මම මේ වෙනකන් රතු පාටට ජීවිතේට කතිරයක් නොගසා ඇති එකෙක් බවයි.

      මේ හෑල්ල කියෙව්වට ස්තූතියි... හිතුව දේ ලියලම ගිය මම රවින් යසිත...

      Delete
    3. මේ කතාවට සම්බන්ධ වෙන්න උවමනාවක් නැතත් රවීන්ලට පුංචි කාරණයක් මතක් කරන්න මං කැමතියි...

      ඒ තමා රවින්ලගේ අරමුණ මොකක් උනත්... ඒ වෙනුවෙන් අද දවසේ ගන්නා ක්‍රියා මාර්ග බොහෝමයකින් රටේ සාමාන්‍ය මිනිස්සු බොහෝම තදින් පීඩාවට පත් වෙනවා... පාරක් හරස් කරගෙන කරන විරෝධතාවයෙන් බැට කන්නේ රවින්ලට ඉගෙනගන්න සල්ලි දෙන මේ රටේ මිනිස්සු... ඒ අතරේ ඉන්නවා අද වැඩට නොගියොත් රස්සාව නැති වෙන්න නියමිත වෙච්ච මිනිස්සු... හා හා පුරා කියලා කුළුඳුලේම ලැබුන රස්සාවට යන මුල්ම දවස වෙච්ච දරුවෝ.. අසනීප වෙච්ච ළමයා බලන්න.. ළමයා හම්බ වෙන්න රෝහල්ගත කරලා ඉන්න ගෑණි බලන්න... බත් මුලක් බැඳගෙන පාරට බැස්ස මිනිස්සු.. ඒ මිනිස්සු ඉන්නේ පාරේ පරක්කු වෙන්න බලාගෙන නෙවෙයි.. ඒක නිදහස් අධ්‍යාපනේ නෙවෙයි ඊට වඩා ලොකු දෙයක් උනත්... සමහර විට පැය බාගෙක පරක්කුවෙන් මිය පරලව යන්න ඇහැකි ලෙඩ්ඩු ගෙනියන ගිලන් රථයක් ඔය අතරේ තියෙන්න පුළුවන්... ඒ ගිලන් රථයේ ඉන්න මනුස්සයා කටවල් හත අටකට කන්න දෙන මනුස්සයෙක් වෙන්න පුළුවන්... එහෙම කෙනෙකුට ඔය අධ්‍යාපනේ වෙනුවෙන් කියලා කරන උද්ඝෝෂණය හේතු කරගෙන මරණයට පත් උනොත් ඒ මිනිහගෙන් යැපෙන මිනිස්සු සාප කරන්නේ පවතින රජයට නෙවෙයි මුලින්ම.. ඒ පාර හරස්කරං හිටිය රවීන්ලට...

      සමහර විට මේ කාරණය රවීන්ලා තේරුම් අරං ඇත්තේ වෙන විදියකට වෙන්න පුළුවන්... මෙහෙම මිනිස්සු දුස්කරතාවයට පත් කලාම ඒ මිනිස්සු රජයත් එක්ක තරහා වෙයි... එහෙම උනොත් අපේ වැඩේ කෙරෙයි කියලා වෙන්න පුළුවන්...

      ඒත් මහ පොළවේ ජීවත් වෙන මනුස්සයෙක් හැටියට මං දන්නවා සාමාන්‍ය සමාජයේ ඇත්තටම ඔය ගැන තියෙන්නේ දරුණු පිළිකුලක්... යූ ඇන් පී කාරයෝ නොවන මිනිස්සුත් කවදාවත් නැතිව ප්‍රේමදාස උන්නැහේගේ ගුණ කියනවා මට ඇහිලා තියෙනවා ඔය කාරණාවෙදි...

      “ඉන්න තිබුනේ ප්‍රේමදාස.. එහෙමනං බලාගන්න තිබුනා මුංට ගහන ගැහිල්ල..“

      ඔය වචන ටික ඔහොම කියවෙන්නේ නැහැ කියලා රවින් හිතනවද..? නැහැ ඇත්තම කතාව ඕක තමයි.. මිනිස්සු වෛර බඳිනවා දරුණු විදියට... පිළිකුල් කරනවා සමස්ථ ශිෂ්‍ය දේශපාලනයම... රටේ නායකයා මොකා උනත්... ආණ්ඩුව කාගේ උනත් බොහෝමයක් සාමාන්‍ය මිනිස්සු මේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්නේ.. කිසිම වෙලාවක හිතන්න එපා සාමාන්‍ය ජනතාව මේ හරහා ඔයාලට එකතු වෙනවා කියලා... ඒ මිනිස්සු දවසින් දවස ශිෂ්‍ය ව්‍යාපාර කියන දේ යකෙක් හැටියට දකින්න පටන් ගන්නවා... වැඩි යමක් ඕන නැහැ මෙතන තියෙන කමෙන්ට් ටික කියෙව්වනං රවින්ට ටිකක් හරි තේරුං යන්න ඕන මිනිස්සු කොයි තරං ශිෂ්‍ය ව්‍යාපාරවලින් ඈත් වෙලාද කියලා...

      තමුන්ගේ අරමුණ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම පමණක් නම් ඒක බොහෝම උතුම් අරමුණක්.. හැබැයි ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග ගැන තව පාරක් හිතන එක ශිෂ්‍ය ව්‍යාපාරයේ අනාගත පැත්තෙන් හොඳ වෙයි.. එහෙම නැති උනොත් වැඩි ඈතක නැතිව මිනිස්සු ගල් මුල් අතට ගනී පාර ඉඩ දියවු කියලා... එදාට රවීන්ලට කරන්න ඉතිරි වෙන්නේ මොනවද..?

      සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදරය..ආශිර්වාදය නැතිව කවදාවත් ඔය අරගල.. උද්ගෝෂණ සාර්ථක කරගන්න බැහැ රවින්.. එහෙම ඒ මිනිස්සුන්ගේ ආශීර්වාදය ගන්න නම් මේ දේවල් ඒ අයට හිසරදයක් වෙන තැනට ගෙනියන්න එපා... එහෙම උනොත් විතරයි ඔයාලට ඔය දේ සාර්ථක කරගන්න වෙන්නේ.. එහෙම නැති අනොත් අර සාමාන්‍ය පංතියේ මනුස්සයා අමතක කරලා ශිෂ්‍යයින් අතර පමණක් තමුන්ගේ දර්ශනය පතුරවලා.. විප්ලවයක් උවමනා නැති තැන කෘතිම විප්ලවයක් කරලා රටේ තරුණ ජීවිත වගේම තවත් අහිංසක ජිවිත ලක්ෂ ගානක් මරු තුරුළට දක්කපු.. අන්තිමට තිරිසනෙකුටවත් විය යුතු නැති අන්දමේ මරණයකට තමන් කරපු අපරාදය හින්දම මුහුණ දීපු විජේවීරට වෙච්ච හරිය තමා ශිෂ්‍ය ව්‍යාපාරෙට වෙන්නෙත්... ඒ හින්දා සටන කරන්න හැබැයි සතුරා හදුන ගන්න.. සතුරාට මිස තමුන්ගේම ගොඩේ ඉන්න මිනිස්සුන්ට වින කරන්න යන්න එපා... එහෙම උනොත් ප්‍රතිඵලය තමයි තමුන්ගේ වැඩවල තියෙන අනර්ථකාරී ස්වභාවය හින්දාම කලකිරෙන මිනිස්සු ආණ්ඩු විසින් කරන මර්ධනයන්ට අත උස්සලා සහය දෙන එක...

      ඒක දැනටත් ටිකෙන් ටික තියෙනවා කියලා මතක තියා ගන්න.. නවකවද කරුවන්ට එල්ලලා ගහලා මරන්න තරං කේන්තියක් මේ රටේ දුප්පත් අම්මලා තාත්තලට තියෙනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල හදනවට එස් බීට පින් දෙන උනුත් මේ රටේ ඉන්නවා... ලොකු තැන්වල නෙවෙයි අර උපේන්ද්‍ර කිව්වා වගේ කුඹුරක් හරි විකුණලා තමුන්ගේ ළමයට කාගෙන්වත් ගුටි කන්නේ නැති තැනකින් උගන්වන්න ලෑස්ති අම්මලා තාත්තලා... මේවා හීන කතන්දර නෙවෙයි.. සාමාන්‍ය රටේ තත්වය... මේවා බොරුනං ටිකක් පාරට බැහැලා තමුන් කවුද කියලා නොකියා බස් එහෙක.. තේ කඩේක කතාව පටන් ගන්න ඔය ගැන... නියම තත්වය අහගන්න පුළුවන් වෙයි අඩුවක් නැතිව...

      Delete
    4. වැඩකරන අදහසක් නෑ කියල නැවත නැවතත් කිව්වත් මේක දැක්කම පොඩි දෙයක් කියල යන්න හිතුනා ..

      රටේ නිදහස් අධ්‍යාපනය ගැන විශ්ව විද්‍යාල සිසුන් මේ විදියටවත් කතා නොකරනවා නම්, කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

      ඔබතුමා දක්වපු කරුණු වලට මම එකඟයි. ඒ කියන්නේ මේ ක්‍රියාවන් නිසා මිනිස්සුන්ට කරදර හිරිහැර වෙනවා පිළිකුල ඇති වෙනවා කියන එක..

      එහෙනම් ඉතින් හොඳම දේ මම හිතන්නේ ...........

      කැම්පස් වලට ඇතුළු වුන එවුන් තමන්ට ලැබුන අග්‍රඵලය රස විඳලා ශේප් වෙලා යන එක නේද ??
      පිටිපස්සේ එන උන්ට මොනවා වුනත් කමක් නෑ කියල හිතලා ??
      මම හිතන්නේ ඒක තමයි සාරාංශය වෙන්නේ...

      හැබැයි චතුෂ අයිය පොඩ්ඩක් හිතල බලන්න මොනවා වුනත් , නිදහස් අධ්‍යාපනය අනතුරට ලක් වෙද්දී ඒ ගැන කරන්න පොදු ජනතාව කොච්චරක් දුරට සංවේදී වෙයිද කියල...

      Delete
    5. කතා කරන්න එපා කියනවා නෙවෙයි.. සටන් කරන්න එපා කියනවත් නෙවෙයි.. කියන්නේ මෙච්චරයි.. කරුණාකර උපාය මාර්ග වෙනස් කරන්න... පොඩි මිනිහට රිද්දලා.. ඒ මනුස්සයගේ පාර හරස් කරලා කවදාවත් හිතන්න එපා එයාලා සංවේදී වෙලා මේ අරගලයට සහය පල කරයි කියලා.. මිනිස්සුන්ට එයිට වඩා වැඩ තියෙනවා එදා වේලා හොයා ගන්න...

      අනිත් දේ තමා මේ කරන අනර්ථකාරී හිරිහැර වලින් පීඩාවට පත් කරන ලද මනුස්සයාව ඕනැම රජයකට පොඩි තල්ලුවක් මගින් ශිෂ්‍යයින්ට විරුද්ධව මෙහෙයවන්න හැකියාව ඇතිවෙනවා... දැන් වෙන්නේ ඒක.. දැන හෝ නොදැන ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මේ කරන්නේ පවතින ආණ්ඩුවට සහය දැක්වීමක් විතරයි... අද මිනිස්සුන්ට පාර හරස් කරන ඔයාලට හෙට බැටන් පාර වදිනකොට සතුටු වෙන්නේ පීඩාවට පත් වෙච්ච මනුස්සයා... බැටන් පාර දිලා නවත්තන්නේ නැතිව කරදරයකින් තොරව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන තැනට ගෙනියන්න අපූරු සහයක් දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ශිෂ්‍ය ව්‍යාපාරය විසින්මයි...

      ආණ්ඩුවට කියන්න තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරකරුවන්ගේ කරදර හින්දා පීඩාවට පත් වෙන අයගේ දරුවන්ටත් එක්කම “ඔන්න අපි දෙනවා විශ්වවිද්‍යාල කඩ“ කියලා විතරයි... මිනිස්සු ඒවා බාර ගන්නේ එහෙමවත් අපේ එවුන්ට උගන්න ගන්න ඇහැකි වෙයි නේද මේ යක්කුන්ගේ කරදර වලින් මිදිලා කියලා හිතලා... සමහර විට ඒ මනුස්සයා හිතන විදිහ කොහොම උනත් කවදාවත් ඒ කඩ වලට තමුන්ගේ දරුවෙක් යවාගන්න උන්දලට වත්කං නැති වෙන්න පුළුවන්.. ඒත් හිත එහෙම පුළුවන් වෙයි කියලා සහය දක්වනවා... කවුද ඒ මිනිස්සුන්ව එතැනට තල්ලු කරවන්නේ.. ආණ්ඩුවද..? නැහැ...

      ඔය කාරණය ගැන ටිකක් ගැඹුරින් කල්පනා නොකොලොත් නිදහස් අධ්‍යාපනේ බල්ලට යවන්නේ ඔය උදවියම තමයි...

      ඒ හින්දා කරුණාකරලා උපාය මාර්ග තෝරන්න පොඩි මිනිහට නොදැනි වගකිව යුතු උන්ට දැනෙන්න... ඒ කරලා මිනිස්සුන්ගේ සහය ගන්න බලන්න...

      Delete
    6. උපාය මාර්ග වෙනසක් අවශ්‍යයි.. අනිවාර්යයෙන් අවශ්‍යයි..
      චතුෂ අයියා කියන දේවල් මේ පොස්ට් එකේ පැහැදිලි කරන දේවල් වලට වඩා පැහැදිලියි..

      ඒත් එතකොට හිතල බලන්න මේ උපාය මාර්ග තීරණය කරන්න ඕන අපිද ??
      මම අහන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ද ??
      එහෙම ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ නැද්ද අයියේ ?
      කවුරුවත් මොනවත් කරන්නෙත් නැහැ.. කරන දේත් සමහර අය හෙලා දැක දැක විවේචනය කරනවා..
      ඒක නේද දැන් වෙන්නේ ??

      චතුෂ අයියාත් , උපේන්ද්‍රත් , බොහොමයක් සාමන්‍යය ජනතාවත් බලාපොරොත්තු වෙන විදියට ශිෂ්‍යයන් පාරට බැහැල මිනිස්සුන්ට කරදර, හිරිහැර කරන එක ළඟදීම නවතීවි..
      එදාට ඒ මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් තිබුනොත් මට ඒ ඇති..
      සතුටු වෙන්න බැරි නම් එයාල පාරට බැහැල ,කලහකාරී ලෙස නැතුව, අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව ප්‍රශ්න වලට උත්තර හොයා ගනීවි.ඒ කියන්නේ නැති වුන හෝ නැති වෙන්න යන නිදහස් අධ්‍යාපනය රැකගන්න හදාවි..

      මේ යන විදියට හැමෝටම හිතෙයි තමන්ගේ වැඩේ කරගෙන ඉක්මනටම කැම්පස් එකෙන් චුත වෙලා යන්න...දැනටම ඒක ගොඩක් දුරට වෙලා තියෙන්න අයියේ..
      පොදු ජනතාවට ඒක සහනයක් වෙයි..
      ඒකනේ කොහොමත් වෙන්න ඕන දේ..

      මම කලිනුත් කිව්වා. මගේ මතය හරිද වැරදිද මම දන්නේ නෑ.. ඒක තව කෙනෙක්ට බලෙන් පොවන්න මට තේරෙන්නේ නැහැ..

      අවසාන වශයෙන් අහන්න කැමතියි චතුෂ අයියා කරන යෝජනාව මොකද්ද , මිනිස්සු දැනුවත් කරන්න , මිනිස්සුන්ව මේ ගැන සංවේදී කරන්න නම් ??

      Delete
    7. මෙන්න පළවෙනිම යෝජනාව... කරුනාකරලා ශිෂ්‍ය වයාපාරය විසින් පටන් ගන්න නවක වදයෙන් තොර සරසවියක් කියන තේමාව යටතේ දැනට පවතින නවකවදය සම්බන්ධ කාරණා මුලිනුපුටා දැමෙන වැඩ පිළිවෙලක්... බොරුවට පටන් ගන්න දවසේ නවකයින් සාදරයෙන් පිළි ගනිමු කියන බැනර් ගහලා පස්සේ හෝල්වලට දක්කලා හොරෙන්ම වැඩ පටන් ගන්න සිස්ටම් එකට නෙවෙයි.. සැබෑම නවකවදයෙන් තොර සරසවි පද්ධතියක් වෙනුවෙන් කැප වෙන්න... ඒක කරලා පෙන්නුවොත් මං දෙන්නං තව උපදෙස් තුනක්... මහජනතාව සංවේදී කරවන්න පුළුවන් විදියේ... ශිෂ්‍ය ව්‍යාපාරය ශිෂ්‍යයින්ගේ පමණක් නොව සමස්ථ පොදු ජනයාගේ ව්‍යාපාරයක් කරවන හැටි කියා දෙන්නං.. ඒකට දැනට පළමුවෙන්ම තියෙන බාධකය වෙන නවකවදය නැත්තට නැති කරන්න... සාමාන්‍ය මනුස්සයට තමන්ගේ දරුවන් හිරේට යවනවා වගේ හැගීමකින් තොරව හිතේ සැනසිල්ලේ එන්න පුළුවන් තැනක් බවට සරසවිය පත් කරවන්න... එයින් පස්සේ පුළුවන් උද්ඝෝෂණ වෙනුවට ශිෂ්‍යයින්ගේ ශ්‍රම ශක්තිය පොදු මිනිසුන්ගේ යහපත උදෙසා යොදවලා ඒ අයගේ හිත්වලට ලංවෙන විදිය කියා දෙන්න...

      Delete
    8. මේ පොල් බූරුවට ඕවා කියලා වැඩක් නෑ . මූ කැම්පස් ඇවිත් තියෙන්නෙ අල්ලපු එකාගෙ පේපර් එක බලන් ලියලා. ඔහොම උන් කැම්පස් ආවම කරන්නෙ මුන් කරන දේම තමයි. මොකද ඉගනගන්න මොලයක් නෑඃ නේ.

      Delete
    9. //මෙන්න පළවෙනිම යෝජනාව... කරුනාකරලා ශිෂ්‍ය වයාපාරය විසින් පටන් ගන්න නවක වදයෙන් තොර සරසවියක් කියන තේමාව යටතේ දැනට පවතින නවකවදය සම්බන්ධ කාරණා මුලිනුපුටා දැමෙන වැඩ පිළිවෙලක්... බොරුවට පටන් ගන්න දවසේ නවකයින් සාදරයෙන් පිළි ගනිමු කියන බැනර් ගහලා පස්සේ හෝල්වලට දක්කලා හොරෙන්ම වැඩ පටන් ගන්න සිස්ටම් එකට නෙවෙයි.//

      මේ පොන්නයා විශ්ව විද්‍යාලයේ නවකවදය නවත්වන්න මෙතැන ලොකු ටෝක් දෙනව. අඩෝ ‍තෝ පුක දෙන හමුදාවෙ දෙන නවකවදය ගැන තෝ මොකද කියන්නෙ? රවින් - මේ වගේ පොන්නයොන්ට උත්තර දිල තේරුමක් නෑ. මුං අමුම අමු ආත්මාර්ථකාමියෝ. කුහකහෝ. මේ බූරුවොන්ට පේන්නේ නැහැ ඉස්කොල රට පුරා වැහිල යන හැටි. රජය අධ්‍යාපනයට කරන වියදම් කපන හැටි. අම්මල තාත්තලාට දරුවන්ගේ පාසල් වියදම දරන්ඩ වෙලා තියෙන හැටි. ඉස්කෝල ගුරුවරු නැතිව වේලෙන හැටි. මේ පොන්නයොන්ට ඕනෙ එකම දේ තමංගෙ පාඩුවෙ පාරෙ බැහැල ගමනක් යන එක විතරයි. පාරවල් වැහෙන්නේ සමාජයේ ප්‍රශ්නයක් තියෙන හින්ද කියල මේ ගොබ්බයොන්ට තේරන් නෑ. මුංට උත්තර දීල තේරුමක් නෑ. මුං වගේ කුහකයෝ කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ.මුංට තියෙන්නෙ ජුණ්ඩ කෙලින් වෙන එක ගැන ප්‍රශ්නයක්. මුංගෙ ජීවිතේ එකම අරමුණ නිදහසේ ජුංඩ කෙලින් කරගෙන බඩුවක් දෙකක් ගහගෙන ඉන්න එක.හමුදාවට ගිහිල්ල ඒකෙ ඉන්න පරයින්ගෙන් පුකේ ඇරගත්ත එකා මෙතන එනව විශ්ව විද්‍යාල වල නවකවදය ගැන ටියුෂන් දෙන්න.

      Delete
    10. මොකද මේ ඇනෝ හොඳටෝම ඌයියා වෙලා... කරනවනං පහසුවෙන්ම කරන්න ඇහැකි.. රටේ දුප්පත් දුවා දරුවන්ගේ සුභ සිද්ධිය හා යහපතට ඉතාමත්ම හේතුවන... කිසිම අසාධාරණයක් නැති දෙයක් යෝජනා කලාම ඇයි මෙච්චර ඩෝං යන්නේ...? මගේ හමුදාවට පුක දෙන එකවත්.. හමුදාවේ නවක වදයක්වත් ගැන නෙවෙයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ රටේ අධ්‍යාපනය ගැන ප්‍රශ්න තියෙනවයි කියලා ඒ වෙනුවෙන් කෑ ගහන හා ඒ හරහා අහිංසක මිනිස්සුන්ගේ ජීවන රටාවට හිරිහැර කරන උදවිය ගැන ප්‍රශ්නයක්.. එයාලට ප්‍රශ්නයක් තියෙන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම ගැනනං ඒක පටන් ගන්න ඕන තැනයි මං කිව්වේතත හමුදාවේ ප්‍රශ්න හමුදාව විසඳ ගනීවි... පොයින්ට් එකට අදාලව කතා කරමු නිකං වටේ යන්නේ නැතිව...

      Delete
  30. නුඹ කියන විදියට
    උන්
    රටේ සල්ලි
    උන්ගේ කාලේ
    නාස්ති කරන
    ඉගෙන ගන්ට කැම්පස් එන වුන්
    වලට ඇදලා දාන
    කාලකණ්ණි
    ඒත් දවසක
    නුඹේ දරුවන්
    සරසවියෙන්
    ඩිග්රිය අරන්
    පිටවෙලා යාවි
    ඒ කාලකණ්ණින්ගේ
    ලේ පාර මතින්

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්.. මෙන්න මේ කෑල්ලත් එල්ල ගන්න යටින්... :D

      ඒ කාලකණ්නියන්ගේ
      ලේ පාර මතින්...
      දවසක යාවි රජගෙට
      අරගලේ නායක කාරකාදී...

      Delete
    2. රෙද්ද තමයි කවි ලියන එකයි ගුටි කන එකයි විතරයි ඔය අන්තරේ බූරුවන්ට පුලුවන්

      Delete
  31. රවින් සහෝදරයා වෙත.....

    ඔබතුමා මම ලියපු ලිපියටත් වඩා දිග උත්තරයක් ලියලා මොනවදෝ පැහෙදිලි කරන්න ලොකු උත්සාහයක් දරල තියන වගනම් පේනවා ඒත් වෙනදා වගේම හරියට පහැදිලි මදි.. මහත්තයෝ ඔය දෙශපාලනේ නැත්තන් ඔයාලගේ ඉල්ලීම දිනාගැනීමෙ සටනේ හැමදාම තිබ්බ ලොකුම අඩුපාඩුව තියෙන්නෙ ඔතන තමා. ඔයාලා අපිට හැම දෙයක්ම තෙරුම් කරන්න හදන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් නොතේරෙන හා එ මිනිස්සු කවදාවත් බාරගන්න අකමැති විදියවල් වලට ඒක අද විතරක් නෙවෙ 86 /89 උනා ඔයාලගේ ඔය තේරුම් කිරිල්ල සුලුතර ඔයාලගෙ ඔලුගෙඩි වලට මහා විප්ලව සිතුවිල්ලක් ගෙනාවට ඒක දිහා බලන් ඉන්න සාමාන්ය අපිට නම් හිතට එන්නෙ අමු කුනුහබ්බ.


    " මචන් උපේන්ද්‍ර..
    මිනිස්සු පාරවල් වල රස්තියාදු වෙනවා..
    ඒත් අඩුම ගානේ මිනිස්සුන්ව දැනුවත් වෙන්නේ නැද්ද වර්තමාන තත්ත්වේ ගැන.."


    දරුව බලන්න ඉස්පිරිතලෙට යන . ගෙදර වියදම හොයන්න රස්සාවට යන . එදා වේල කන්න කූලි වැඩට යන මනුස්සය පාරෙ හිරකරලද ඔයාල රටේ ප්‍ර්ශන ගැන දැනුවත් කරන්න යන්නෙ. බහු බූත දොඩවන්න එපා මහතතයෝ. ඔයාලට වඩා හොහොදට උන් රටේ ප්‍ර්ශන දන්නවා. ඔයාලගෙ දේශපාලනේ ගැන ඔයාලගේ වීරක්‍රියා ගැන ජනාතාව ෆුල් හැපි හෙට ඉදල උනුත් ඔයාල එක්ක පාරට බහී කියලද ඔයා හිතන් ඉන්නෙ .. ඔය පාරක් ව්අහපු වෙලාවක් බස් එකකට නැගලා ඔය ඉල්ලීම කරලා බලනකෝ. සතියක් දෙකක් බෙඩ් රෙස්ට් කරන්න පුලුවන් වෙයි.

    එකක් කියන්නම් මහත්ත්යෝ ඔයා ලියපු සෑහෙන්න දිග ලිපිය කියෙව්වම දුක හිතුනා . මට විතරක් නෙවෙ ගොඩක් අයට දුක හිතෙයි

    අනික් කාරනේ තමා ඔයා ප්‍ර්ශන ටිකක් අහලා තිබ්බනේ


    1 "නිදහස් අධ්‍යාපනය නිසා ලැබුන , විශ්ව විද්‍යාල සිසුන් කුඩු කළ බිල්ඩින් \දේපල මොනවාද?? (ඒක සිරාවට මම දන්නේ නැහැ.. මම හැම දෙයක්ම දන්නා එකෙක් නෙවේනේ.. )

    2 "එයාගෙන් අහල බලන්න ඔය උද්ඝෝෂණ , පා ගමන් වලට කවුරුවත් බලෙන් අඬගහගෙන යනවද කියලා ?? "

    සහ තවත් බොහෝ ප්‍ර්ශන


    මට ඒව දැක්කම මතක් උනේ තවත් ප්‍ර්ශ්නයක් මයි

    ඔයා ඇත්තටම කැම්පස් ගියාද..

    මහත්තයෝ නංගී විතරක් නෙවෙ මගේ පවුලේ 8 දෙනෙක් මේ වෙනකොට කැම්පස් වල ඉන්නවා. මට සැක ඔයා කැම්පස් කියලා වෙන කොහෙ හරි ගියාද කියලා.

    කොහොමත් මෙතනින් එහාට මෙවට උත්තර බදින්න මම මහන්සි ගන්නෙ නෑ. මොකද ඔයාලා කවදාවත් තේරුම් ගන්නෙ නෑ ඔයාලගේ ක්‍රමේ තියන වැරැද්ද. මම කිසිම තැනක කියලා නෑ
    අධ්‍යාපනය රකින එක වැරැද්දක් කියලා. රකින්න කියලා කරන බොරු විකාරයි වැරදි කියලා තියෙන්නේ. ඔයා හිතාගෙන ඉන්නවනම් ඔයාල පාරක් පැයගානක් වහගෙන උද්ගොශනේ කලාම
    රටේම මින්ස්සු ඔයල කියන කතාව අහලා හෙට ඉදලා ඔයලත් එක්ක පාරට බහියි කියලා. අනෙ මහ්ත්ත්යෝ ඔයා හෙට ඉදලා සුරංගනා කතා ලියන්න පටන්න ගන්න. ඔය පාරවල් වහපු දාට හිර උන බස් වල
    මම අනන්ත ඉදලා තියනව. උන් ඔයාලට හුරේ දාන්නේ නෑ මහ්ත්ත්යෝ. ඔයාලගේ වැදු දෙමව්පියන්ට තමයි ඒ වෙලාවට උන් හුරේ දාන්නේ. නිකං නෙවෙ අර බලෙන් ගෙනත් ඉස්සරහම වාඩි කරවලා ඉන්න උන්ගේ අම්මලටත් එක්කම ඔයාල කවදාවත් ඕක වටහගන්නේ නෑ. ඒ නිසා අහිංසක උන් හැමදාම
    දුක් විදී.




    ReplyDelete
    Replies
    1. මා ගැන අනුකම්පා කරාට ස්තූතියි.. පිලිතුරුත් ලබා දෙන්න පුලුවන්ද ??

      Delete
    2. නොදුන්නත් කමක් නැහැ.. වාදය ඔබ දිනුම්...

      Delete
    3. රවීන් මෙතන කිසිම වාදයක් තිබුනේ නෑ. මම කියලා තිබ්බේ බොහෝම සරල දෙයක්. විශ්ව විද්‍යල සිසුවෙක් කියන්නෙ අනික් අයට වඩා බුද්ධිමත් බවින් වැඩි කියලා පිලිගත් පුද්ගලයෙක්. එහෙම කොටසකට යම් කිසි අරමුනක් වෙනුවෙන් ඇයි මීට වඩා තාර්කික සාර්ථක පිලිතුරක් හොයාගන්න බැරි..

      ඇයි එහෙම කොටසක් හැමදාම පිඩා විදින කොටසම තවත් පීඩාවට පත් කරල ඔයාලගෙ සටන් දිනාගන්ඩ හදන්නේ

      ඇයි ඒ ප්‍ර්ශ්න වලට මට . සාමාන්ය මිනිස්සුන්ට උත්තර දෙන්න කියන්නෙ.

      ර්වීන් මේ ලංකාවෙ බහුතරයක්. එදා වේල වෙනුවෙන් හැමදාම රේස් දුවන මින්ස්සු.. ඔයා කවද හරි ඔතනින් එලියට ඇවිත් . ඔයාගේ ජිවිතේ පලවෙනිම රස්සාවට එහෙම නැත්තං ඉස්පිරිතාලෙ ඉන්න අම්මා බලන්න යන වෙලාවක් ඔය විදියට ඔයාගෙම අය පාරක් වහගෙන හිටියොත්

      ඔයා එදාට පරට බැහෙලා උන් එක්ක හුරේ දානවද

      අම්මට ගෙනියන බත් එක විසි කරල ඒ වෙනුවට බැනර් එකක් අතට ගන්නවද

      ඔයාට නොතෙරෙනෙ අපිට තේරෙන කතාව එකයි සහෝ...

      උබලා අපිට වඩා මොලේ තියන උන් . ඒක පාවිච්චි කරපන් උබලා බුද්දිමත් උන් කියලා අපිට හිතෙන විදියට . එහෙම නැතුව පහ වසර පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් අරන් දුන්නෙ නැති උනාම ඌත් කරන්නෙ පාරෙ බුදියන එක. එතකොට උබලගෙයි පහ වසර පොඩි එකගෙයි කිසිම වෙනසක් මම දකින්නෙ නෑ.

      හිත රිදෙන දේවල් මම උබට කියන්න ඇති.. අහිතක් හිතන්න එපා.. මගේ කට බොහොම හොද නෑ . මොකද මම හද්දා කට්ට අවුවෙ දවසෙ පැය 24 ගෙවන බොහොම සාමාන්‍ය මිනිහෙක් , මට සහ උබලට තේරෙන විදියවල් බොහොඅම වෙනස්.

      ඒත් හොදට මතක තියාගනින් උබත් බොහොම ඉක්මනට අපේ ගොඩට වැටෙනවා. එදාට උබලගෙ ඔය තර්ක විතරක් ඔක්කොම අතීත කතන්දර විතරයි...

      ස්ටේශමේ ඉන්න මිනිහට කවදාවත් දුවන කෝච්චියේ යන හුලග වදින්නේ නෑ.. නැගලම බලපන් ඒ කෝච්චියට.. හුලගෙ සැර . ඒ හුලගට ඔය ඔක්කොම දේවල ගහගෙන යනවා සහෝදරයා. එදාට උබත් අපි වගේම මේ ටික තේරුම් ගනී..

      Delete
  32. රවීන් මම මේක ලිවෙ කැම්පස් වල ඉන්න උන් එක්ක ඉරිස්යාවකින් නෙවෙ. කැමපස් වල ඉන්න උන් කියන්නෙ මේ විදියට පාරක් පාරක් ගානෙ ගුටි කන්නවත් මේ ව්ගේ සමාජෙට විහිලුවක් වෙන්න ඕන උන්වත් නෙවෙ. මේ බහු බූත නිසා අද කැම්පස් කොල්ලෙක් කෙලෙක් දිහා මිනිස්සු බලන්නෙ සමච්චලෙන්. බෝකුවක් උඩ ඉන්න බොක්කු පලුවෙක් රස්තියදුකාරයෙක් දිහා බලන්නා වගේ. ඇයි උබල ඒ තැනට වැටුනේ. උබලාගේ ක්‍රමේ සාර්ථක නම් ඇයි පුංචි මිනිහා උබල දිහා ඒ විදියට බලන්නෙ. හිතට එන විප්ලව අදහස් වලින් නෙවෙ. මාරය කිව්වා වගෙ ගමෙ කඩේන්, පොලෙන් අහලා බලපන් කැම්පස් නොකියා. අද කැම්පස් ඉන්න උන් ගැන මිනිස්සු හිතන විදිය. මම කැමති මගෙ නංගි කැම්පස් කියල ආඩම්බරෙන් කියන්න. මගේ අයියා කැම්පස් කියලා ආඩම්බරෙන් කියන්න. එහෙම නැතුව මගේ නංගී කැම්පස් කිව්වම " ආ ඊයෙත් ඔය පාරවල් වල හිටියෙ කියලා " සමචචල් හිනාවකුත් එක්ක එන කතා නොඅහා.. වයින් කරපූ බෝනික්කෝ වෙන්ඩ එපා ඔයලගේ දුනු තද කරල ඔය පාරවල් ව්අල හිටවන උන්ගේ හිත්වල උබලගෙ හිත්වල තියන ඇත්ත කැක්කුම නෑ.. ඒක ඔක්කොටම කලින් තේරුම් ගනින්..

    ReplyDelete
    Replies
    1. බහුබූත කියවන් නැතුව සුරංගනා කතා ලියන්න පටන් ගන්න කියල අහගත්තට පස්සෙත්,මේකට නැවත නැවතත් කමෙන්ට් කරන්නේ ඇයි කියල මමවත් දන්නේ නෑ...මට වැඩ නැති නිසා මෙහෙම කරනවා කියල හිතුවත් කමක් නැහැ..
      මොනව වුනත් අන්තිමට මේක කියල යන්නම් මම..

      හරි එහෙනම් මේ ක්‍රමේ වැරදියි..
      මිනිස්සු අපි එක්ක නැහැ...
      ඒවගේම ඔබ තුමන්ලාට සාමන්‍ය ජනතාව ගැන තේරෙන දේවල් අපට තේරෙන්නෙත් නැහැ..
      තේරුනත් අපි මිනිස්සු ගැන හිතන්නේ නැති කුහක එවුන් නිසා තමයි මේවා කරන්නේ.
      එහෙම වෙන්න ඇති හිතෙන්නේ.. ඒකට කමක් නැහැ.

      එහෙනම් ඔබතුමන්ලා හරි ක්‍රමේ පටන් ගන්න..
      උපහාසාත්මක ලෙස කියනවා නෙවේ.. ඒක පැහැදිලිව තේරුම් ගන්න.
      නිදහස් අධ්‍යාපනය විනාස වෙනවා කියල දැන දැනත් , අනිත් එවුන්ට හරියට පෙළ ගැසියල්ල කියල කියා කියා ඉන්නේ නැතුව හරියට නැගී සිටින්න දන්න උදවිය එකතු වෙලා මේ වැරදි විදියට වැඩ කරන එවුනුත් ගොඩ ගන්න..
      කැමති නම් අපිත් එන්නම් උදව්වට.. අපටත් ඒ විදිය ලේසි වෙයි.
      අදම පටන් ගන්න පුළුවන් නම් පටන් ගන්න..

      උපේන්ද්‍ර. මචන් මගේ කටත් හොඳ නැහැ.. මමත් සාමාන්‍ය මිනිහෙක්..
      ඒත් වැදගත් දෙයක් කතා කරද්දී ඒවා පාලනය කරගෙන කතා කරන්න පුරුදු වෙනවා නම් ඒකෙ වටිනාකම තියෙන්නේ තමුන්ටමයි.. උපදෙසක් නෙවේ.. මට හිතුන දෙයක්. ඔබතුමාට උපදෙස් දෙන්න තරම් මම පොරක් නෙවේ..

      කවද හරි මමත් උඹලගේ ගොඩට වැටෙනවා කිව්වා නේ..
      වැටේවි මචන්.වැටේවි..

      ඒ වෙන මොනවා නිසාවත් නෙවේ. අපේ රටේ ඉන්න ඕන ඒ විදියට නිසා..

      මෙතැනදී කිසිම කෙනෙක් නියෝජය කරලා මම කතා කරේ නැහැ. මගේ විදියට අනිත් උන් ගැන හිතන්නත් එපා. මේ මගේ පුද්ගලික මත විතරයි..

      හැමෝටම ජය වේවා.. :)

      Delete
    2. උබ මහ පොල් බූරුවෙක් මම අද වෙනකම් හිතන් හිටියේ නෑ කැම්පස් ඉන්න උන් මේ තරම් මී හරක් විදියට හිතන උන් කියලා. උබ වගේ පොල් බූරුවෙක් කැම්පස් ගියාට වඩා හොදා පලයන් කොටුවේ ලැට් සුද්ද කරන්න. උබෙ මහ ලොකු කතන්දරෙන් මුලු කැම්පස් සංහතියටම ලැජ්ජයි.

      Delete
  33. නිදහස් අධ්‍යාපනය හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් යමක් කිරීම අවැසිනම්, සිටිය යුත්තේ මහ පාර හරස් කරගෙන, බැනර් උස්සාගෙන නොවේ; ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා පුටුවලය. එහෙමත් නැත්නම්, තමන්ගේ වචනයට වටිනාකමක් ඇති තැනකය.
    එහෙම තැනකට එන්නට, තමතමාගේ හැකියාව හා කැපවීම මත වසර කිහිපයක්, දහයක් පහළවක් ගත විය හැක.
    70/71 සරසවි සිසුන්ව සිටියවුන් 88/89 වනවිට වැඩිහිටියන්ව සිටියහ. 88/89 සරසවි සිසුහු අද වනවිට, වැඩිහිටියන්ව සිටිති. තමන්ගේ සහෘදයින් දහස් ගණනින් බිලි දුන් අරමුණු අපට වඩා හොඳින් ඔවුහු හඳුනති; ඊට අමතරව, ඔවුන්ගේ දරුවෝ, දැන් සරසවි එළිපත්තේ හිඳිති. අරමුණු වෙනුවෙන් තිබූ කැපවීම අවංකනම්, මේ වනවිට, තීරණ ගත යුතු පුටුවල ඔවුන් සිටිය යුතුය; එහෙමත් නැත්නම්, තමන්ගේ වචනයට වටිනාකමක් ඇති තැනක සිටිය යුතුය.

    පාරවල් වසාගෙන, මිනී මරාගෙන, පොදු දේපලට හානි කරගෙන අරමුණු ඉෂ්ඨ කරගත හැකිද නැද්ද යන වග ඔවුහු අපට වඩා හොඳින් දනිති. එසේම, සියල්ල සිදු විය යුතු ආකාරය එකල ඔවුහු දැන සිටියහ. සිසුන්ව සිටියදී, නැත්නම් විපක්ෂයේ සිටියදී, සියලු දෑ කළ යුතු නිසි ආකාරය කවුරුත් දනිති. නිදහස් අධ්‍යාපනය රැකගනුවස්, තිබිය යුතු මොනවාද, නැති කළ යුතු මොනවාද යන්න දනිති.
    ඉතින් දැන්, දැන නොසිටින්නට හේතුවක් නැත.

    සංජීවලා තව අවුරුදු විස්සකින් හැසිරෙන ආකාරය ගැනද, මිනිස්සු මෙලෙසින්ම විශ්වාසය තබා සිටිති.
    වත්මන් බලධාරීන් විසින් නිදහස් අධ්‍යාපනය වනසයිනම්, සංජීවලාට තව අවුරුදු කිහිපයකින්, පරිණත වැඩිහිටියන් ලෙස, නැවත නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කළ හැකි විය යුතුය. එසේ කරනවාද, නැත්නම් 88/89 පරම්පරාව ගිය මග යනවාද යන්න ඔවුන් සරසවියෙන් පිට වූ පසු තීරණය කරනු ඇත.

    යමක් වෙනස් කිරීමට අවංක කැපවීමක්, අවශ්‍යතාවයක් ඇත්නම්, සිටිය යුත්තේ මහ පාර හරස් කරගෙන නොවේ; අදාල තීරණ ගන්නා පුටුවලය; එහෙමත් නැත්නම්, තමන්ගේ වචනයට වටිනාකමක් ඇති මට්ටමකය. එහෙම තැනකට යන ආකාරයක් ගැන සරසවි සිසුන් උනන්දු විය යුතුය.

    ReplyDelete
  34. නිදහස් අධයාපනය වෙනුවෙන් වැඩකල සරසවි සිසුන් සියලුදෙනාම සරසවියෙන් පිටවු පසුවත් ඒ අනුවම වැඩ කලානම් අද වනවිට රටේ බහුතරයක් උගතුන් බුද්ධිමතුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ම කැපවු පිරිසක් විය යුතුව ඇත.

    නමුත් එය එසේ නොවීඇති බව ඔබහැම දෙනාටම පැහැදිලිව පේන බවනම් දනිමි.

    ReplyDelete
  35. රවීන් කියන අදහස් මම දකින්නේ හරියටම "එතැන" ඉඳගෙන දක්වන අදහස් විදිහට...
    මම ඒ ගැන රවීන්ට ස්තූති වන්ත වෙනවා.. ඒ අදහස් සාවධානව නිරවුල්ව කියා තිබෙනවා..
    එතැන ඉන්න කෙනෙක්ගෙන් අපට ඇහෙන්න ලැබෙන, ඇහෙන්න හැකි ප්‍රස්න පැහැදිලිව රවීන් අහලා තියනවා... ඒකට ඒ ළමය එක්ක කෝන්තර ඇතිකරගන්න උවමනාවක් නම් නෑ... එතනින් ටිකක් එහාට මෙහාට වුණහම සමහර කාරණා වලදී අවශ්‍ය පමණට වඩා අවේගශීලී වීම, අවස්ථාවාදී නායකයෙක්ගේ ඇමකට යටවීම වාගේ දේ වුණා කියල පේන්න ගන්නවා... ඒත් එතන ඉන්නකොට ඒවා පේන්න තියන ඉඩකඩ අඩුයි... අපි සම්පූර්ණයෙන්ම අමතක කරන්න නරකයි සමහර කාරණාවලදී විශ්ව විද්‍යාල තරුණ ජවය විසින් සමහර දේවල් අරගල කරලම දිනා දුන්නු බව.. අනෙක් අතට සමහර රැළි වල හැසිරවීම අතින් අතට මාරු වෙලා ඉවරවෙන්නේ මූලික අදහසට ගොඩාක් එහායින්... ඉතින් තරමක් හෝ විචක්ෂණ වීම තමා කලයුත්තේ කියලයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන්, එයින් පරිභාහිර මිනිස්සු ඉල්ලන්නේ - එහෙම නැතිව තමන් නියෝජනය කරණ පන්තියටම පෙරලා පීඩනය එල්ල කලහම (88/89 - අපි බොහෝ දෙනෙක් අත්වින්ද) පොදු / සාධාරණ කාරණාවලදී වුණත් සාමාණ්‍ය මිනිස්සුන්ගේ සහයෝගය නොලැබී යනව.

    ReplyDelete
  36. ඔය පරෙම ගිහින් දෙවැන්ත අරගල කරපු එකෙක් තමයි දැන් ඇමති වෙලා ඉන්නෙ ! ඒකෙන් පෙනෙනවානෙ අන්තිමට නතරවෙන තැන...

    ReplyDelete
  37. මිත්‍රයා ඔබ විසින් මේ ලිපිය ලියන්න ඇත්තේ සමහර විට ජනතා විමුක්ති පෙරමුන ගැන ඔබේ හිතේ ඇති ආකල්ප පදනම් කරගෙන වෙන්න පුලුවන්. ඒත් අමතක නොකල යුතුයි විශ්වවිද්‍යාල ප්‍රජාවට යම් කාරන දිනා ගැනීමට ඉතිහාසය තුලදී ඔවුන්ගේ මත ඉහල වැදගත්කමක් දැක්වුව බව. ඉතිහාසය පුරා ඔවුන් විසින් දිනා දුන් දේවල් අපි අත්විදිනවා.ඒත් ජනතාව ඒ පිලිබදව දැනුවත් නෑ හේතුව ඔවුන් ඒවට සටන් කලේ නිහඩව.

    ReplyDelete
    Replies
    1. ඔවුන් දිනා දුන්න දේවල් ටික පිළිවෙලකට කියමුද බලන්න?

      Delete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: