Monday, October 21, 2013

හීන සහ මිත්‍රයෝ

                                          මේ කතාවට මග පාදගන්ඩ පොඩි නෙවේ මහා විසාල පදුරු තැලිල්ලක් කොරන්ඩ වෙනවා. එහෙම නොවුනොත් මගේ හිතේ තියන විදියට මේක ලියාගන්ඩ බැරි වෙනවා ඒ හින්දා  වීසි කැති , උදලු පිහි ලෑස්ති කරන් කියවන එක හොදා.........
  
                                  එකදාස්වලින් අවුරුදු ගතවෙන කාලේ  හිච්චි එකෙක් වෙච්ච මට ඉන්ටර්නෙට් කිව්වම ඒක දරාගන්න බැරි තරම් මැජික් එකක් උනා.. ඊටත් පහු කාලෙක ගැටබේ තිබ්බ ඇසළ මේලාවක නොමිලේ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකක පෝලිමේ ඉදලා යාහු සර්ච් එකක් කරපු දවසේ මම හිතුවේ මම බිල්ගෙට්ස්ටත් වඩා පොරක් කියලා.  එ ඔකොමත් ගෙවිලා 2008 අවුරුද්දේ මම ග්‍රාමසේවක සහතික, චරිත සහතික ඔක්කොම තාත්තට පෙන්නලා ගෙදරට ඉන්ටනෙට් ගත්තා.  ඉනටර්නෙට් කියන්නේ යකෙක් රකුසෙක් නොව ආතල් පුස් පැටියෙකි කියලා ගෙදරට කියලා දෙන්ඩ මම නොගත්ත උත්සාහයක් නෑ.

2008 ඉදලා මම 2010 වෙනකම් ඉනටනෙට් එකෙන් හම්බකලා..  සේවක සංඛ්යාව 7ක් වෙච්ච පුංචි ව්‍යාපාරෙකුත් එක්ක.  ඒත් ඉතිං වට පිටාවෙ ඉන්න උන් නම් ඕක දිහා බැලුවේ නිකං කෝන මාන අස්සෙං.. අරූ කෙල්ලෝ 7කුත් තියාගෙන ඉන්ටනෙට් එකේ මොන මගුලක් කොරනවද මන්දා.. උන් හිතුවෙ එහෙම  එතකොට නෑයෝ..  " අනේ නංගියේ දැං කාලෙ වෙන දේවල් දන්නවනේ පුතාව පරිස්සංකරගං.. "  නෑයෝ කොයි තරම් මං ගැන දුක් උනාද.. එව්වා ඉතිං එහෙමයි.

ඇමරිකාවෙයි ලංකාවෙයි එක එක හුටප්පර හින්දා මම මගේ පුංචි ව්‍යාපාරේ  වැඩේ අත ඇරලා දාන්නේ 2010 මැද හරියක් විතර යද්දි.. ඊට පස්සෙ  මොකටද මට ඉන්ටනෙට්.. 

" ඔන්න ඔය මගුල තියනවනම්  ඉස්සර වගේ උබම බිල ගෙවපන් " ගෙදරින් සාධාරන මල්ටි බැරල්

හම්බකරන්ඩත් නැතුව.. වෙන  වැඩකුත් නැතුව මොකටද මං ඉන්ටනෙට් තියාගන්නේ..  ඔන්න එදා මම ජීවිතේට ගත්ත වැදගත්ම තීරනේ ගන්නවා.  

ඕන මගුලක්  කියලා  මම ඉන්ටනෙට් එක තියාගන්ඩ තීරනය කරනවා

හැබෙයි  මම ජිවිතේ හම්බකරපු වටිනාම දේවල් හම්බ කරගත්තේ එදායින් පස්සෙ , ඊට පස්සෙ මම ඉන්ටනෙට් එකෙන් ඉගන ගත්තා. රුපියල් විසි තිස් දාස් ගනන් වල කෝස් මම මාසෙට රුපියල් 1500 දීලා ඉගනගත්තා. ඊටත් පස්සෙ ඔය අන්තර්ජාලෙ තියන අහු මුලු වල හක්කලං කලා. අන්න එතනදි  තමා මගෙ ජීවිතේ වටිනම යාලුවෝ මට හම්බ උනේ..  


ඒ දවස් වල ආගම් ප්‍රශ්න වලට වලි නැගලා ගිය එක අඩ්වියකට මම සෙට් උනේ අහම්බෙන්.. හැමදාම හවසට සරමත් කරට අරන් ඕකට සෙට් වෙන්ඩ මම පුරුදු වෙලා හිටියා.. ඕකට මාව සෙට් කරගත්තේ  සමන්තයා.. , පොර අරාබිකරේ ඉන්න හිත හොද වගේම සෑහෙන්ඩ දැනුමක් තියන ඔටුවෙක්. ඉතින් ඒ අඩිවියෙන් මම ගැලවෙන්නෙ ජීවිතෙට එකතු උනු  හොදම යාලුවෝ ටිකක් හදාගෙන. 

මට 1 වසරෙදි හිටපු හොදම යාලුවා දැන් හොයාගන්ඩවත් නෑ .. ඌ  කැටපිලර් එකක් එලවනවා කියලා ආරන්චි ඒත් දැන් අවුරුදු 15 විතර  දැකලා නෑ. ඊට පස්සෙ හිටපු හොදම යාලුවා ඌත් ආගිය අතක් නෑ..  යාන්තම් හරි ඊට පස්සෙ ඉතුරු උනේ 6 න් 7වසරෙන් පස්සෙ එකතු උනු යාලුවෝ ටික.  මගේ යාලු ආස්සරේ ටිකක් විතර අමුතුයි මිනිහෙක් මට දිරවාගැනීමෙ අපහසුවක් තියනවනම් ඌ ආස්සරේ කිරිමේ ලොකු අපහසුවක් මට තියනවා. ඒ හින්දා ඉස්කෝලෙන් අයින් වෙලා මේ වෙනකොට මට ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු ඉස්කෝලෙ යාලුවෝ ප්‍රමාණයක්.  

මුලින්ම මට ජංජාලෙන් හම්බ උනු යාලුවා සමන්තයා..  කියලා කිව්වනේ  .. ඌ ඉතිං මාව බොහොම දරුනු පොරක් කලා. කොටින්ම මම අර කලින් කිව්ව සයිට් එකට ලොග් වෙනකොට වයස 18 අඩු උන් කොම්පීතර ඕෆ් කරලා නැගිටලා ගියා කියලා අපේ සුදු අක්කා මං එක්ක කිව්වා පස්සෙ කාලෙක..

එහෙම නැහැදිලා හිටපු මාව කවි සීපද ලියපිය කියලා හොද මනුස්සයෙක් කොරන්නේ මට ඊලගට හම්බ වෙච්ච මගේ ආදරණිය සුදු අක්කා   කොටින්ම කියනවනම් එදා ඉදලා අද වෙනකම්  ඉගනගං.. අරක කෝස් එක කරපං , මේ කෝස් එක කරපං කියලා අම්මෙක් වගේ බලාගන්නේ, ලංකාව හතර වටේ ට්‍රිප් එක්ක යන්නේ, ඒ වගෙම බූලොන්ට නැති තෑගි , ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් හොයලා දෙන්නේ,  ඒ වගේම අපේ හාමිනේව බලාගන්නෙත්  අපේ සුදු අක්කා 
 
ඊට පස්සෙ   හම්බ උනේ  ඉබ්බා  ඉබ්බෙක් කිව්වට් ඌ හෙන දිග පලල එකෙක්.  ඌගෙ පොඩි අවුලකට තියෙන්නෙ ඌ ජීවත්වෙන්නේ උගේ පපා කියපු විදියට පපා ඌට ඕන දේවල් ටික ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කියලා දීල නිසා ,ඌ තාමත් ඔක්කොම දේවල් කරන්නේ අග මුල මාරු කොරලා.. ඌත් ඉතිං මොන තරම් මොලේ අමාරුකං තිබ්බත් හොද එකා. සමාජ සත්කාරේ කිව්වොත් ඉතිං ඉහටත් උඩින් රට වටේ පන්සල් හදනවා මේ දවස් වලනම්. වැඩිපුරම අවුරුදු 30 පැන්න නංගිලා ඉන්න පැති වල තමා මිනිහා පිංකම් කරන්නෙ

ඕං ඊලගට මට සෙට් වෙන්නේ අන්තර්ජාලේ  හෙන දරුනුයි කියලා හිතං හිටිය පොරක්. ඌට ජංජාලේ ඈයෝ නම් කියන්නේ මාරයා කියලා. උගේ මාර ගතිය ඉස්සර්වෙලාම දැනගත්තේ ඌට ඉස්සරවෙලාම ෆෝන් එකෙන් කතා කරපු දවසේ හලෝ මාරයද කියලා අහපුවම. එහා පැත්තෙන් සැමන් ටින් එකක්  දහයේ කියත් පටියකින් හූරනවා වගේ ඔව් අනේ කියලා සද්දයක් ආවා..  අනේ ඉතිං උගේ මාරකං.. මොනවා කලත් ඉතිං රට වටේ හක්කලං ගහන්ටයි හැමදාම කොලඹ ඇද්දම කන්ඩ හදලා දෙන එකයි අපරාදේ කියන්ඩ බෑ ඌ හරියටම කරනවා.. මක්ක කලත් ඉතිං ඕනම වැඩකට නෑ බෑ නොකියා. ඇවිත් කරලා දෙනවා. කොටින්ම කියනවනම් ඉතිං බාප්පා වගේ තමා 

 මොනදේ විහිලුවට කිව්වත් ජිවිතේ ගොඩදාගන්ඩ අමාරු උනු ගොඩක් ප්‍රශ්න වලදි , ඔය යාලුවෝ සෙට් එක මං එක්ක හිටියා . මේ වගෙම තවත් කීප දෙනෙක් මට ජංජාලේ නිසා හම්බ උනා ඒ  අය එක්ක එකතු වෙලා කරපු මේ වගේ ගොඩක් දේවල් වලින් ජීවිතේට  කවදාවත් අමතක  වෙන් නැති දේවල් බොහොමයක් මගේ ජිවිතේට එකතු උනා..  ඒ වගේම ඒ වගේ හම්බවෙච්ච තවත් මිත්‍රයෙක් නිසා  ජීවිතේ තිබ්බ ලොකු හීනයක් පහු ගිය දාක ඉෂ්ඨ උනා

අමරදේව මාස්ටර් කියන්නෙ මගෙ ජීවිතේ වීරයෙක්. හුගක් උන්ට බැට් මෑන් ,සුපර් මෑන් , ෂාරුක් ඛාන් වීරයෙක් වෙන වයස වෙද්දී මගෙ වීරයා උනේ අමරදේව මාස්ටර්, පන්ති කාමරේ ගුරුවරයෙක් නැති වෙලාවට  එහෙමත් නැත්තං සංගීත කාමරේ ගෙවුන ගොඩක් වෙලාවල් වලට තාල ඇල්ලුනේ අමරදේව මාස්ටර්ගේ සින්දු වලට.  ඒ කාලෙ ඉදලම මගේ හිතේ තිබ්බා ලොකු හීනයක්.. ඒ තමා අමරදේව මාස්ටර් ඇස්දෙකෙන් දැකලා එතුමගේ ප්‍රසංගයක් බලන එක. එත් එක අවුරුදු 15කටත් වඩා මගේ හිතේ හීනයක්ම වෙලා තිබ්බා. වෙලාවකට හිතුනා ඒක හීනයක්ම වෙයි කියලා.. ඒ අතරෙදි තමා අපේ  සුදු අක්කා  මගේ තිබ්බ මේ උන ගැන විස්තරේ සුදු අක්කගෙයි මගෙයි යාලුවෙක් වෙච්ච සත් ගුනවත් තිස්ස අයියට කියන්නේ. මොකද අක්කත් කිහිප සැරයක්ම උත්සාහ කලා මට එතුමගේ ප්‍රසංගයක් බලන්න අවස්ථාවක් අරන් දෙන්න. ඒ වගේම නෙලුම් පොකුනේ අමරදේව මාස්ටර් කරපු ප්‍රසංගේ අන්තිම මොහොතේ රනිලුයි ෆොන්සේකා මහත්තයයි නිසා  මට මිස් වෙලා ගියා.

ඉතිං ඔය පනිවිඩේ දැනගත්තු අපේ සත් ගුනවත් තිස්ස අයියා බෝම මහන්සි වෙනවා , මට ඔය අවස්ථාව අරන් දෙන්න. නිකං හරි බුකියෙ දැක්කත් තිස්ස අයියා මෙහෙම කියනවා " මල්ලි මට අමතක වෙලා නෑ හොදේ " යාලුවෝ කියන වචනේ තේරුම හරි පුදුමයි කියලා ඒ ගොඩක් වෙලාවට මට හිතුනා. ඉතිං  වැඩ රාජකාරී දාහක් අස්සෙ දව්ස් කීපෙකට ලංකාවට ඇවිත් හිටපු තිස්ස අයියා පහු ගිය දවසක මට කෝල් එකක් දෙනවා..

"මල්ලී අමරදේව මාස්ටර්ගේ ෂෝ එකක් තියනවා හෙට උබට එන්න පුලුවන්ද ? "

ඊලග මොහොතේ මට දැනුනේ නිකං මගේ කන් දෙක දෙපැත්තෙන්  A/C කලා වගේ හැගීමක්. 

අන්න එහෙමයි යාලුවෝ හින්දා හීන හැබෑ වෙන්නේ.. හැබෙයි මේ කතාවෙදි මට මස් කෑල්ලක් නෙවෙ රාත්තලම හම්බ උනා.. පහල ෆොටෝ කෑලි ටික ඒකට සාක්කි..







  මගේ.. ජීවිත කාලෙදි යාලුවෝ කියලා කටපුරා කියන්න පුලුවන් පිරිසක් මම හම්බකරගත්තා   මේ සටහන ලියන්න හිතුවේ මේ හැමදෙයක්ම වෙනුවෙන් කරපු ස්තූතියට තිස්ස අයියා කියපු මේ කතාව දැක්කට පස්සෙ..

 " උඹල කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "


ඒක ඒ විදියටම  මටත් කියන්න වෙනවා මේ සටහන ලිව්වෙත් ඒ වෙනුවෙන්..........



" ඔයාලා කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "



17 comments:

  1. මම පුෂ්ව මුලින්ම දැන ගත්තේ ජංජාලේ සීගිරි වෙබ් සයිට් එකේ සාහිත්‍ය තරගෙදි,සැහෙන තර්ක විතර්ක මැද්දේ පුෂ්ගේ කවියකට ප්ලේස් එකක් ලැබුනා.මූට අපි ඒ කාලේ කිව්වේ වල්බාවා කියලා.තාමත් ඉතින් වල් තමයි.මූව ඉස්සේල්ලාම මුණ ගැහුනේ සත්තුවත්ත ටිප් එකේදි.මමයි,පුෂයි,චන්දිමයි අපි තුන්දෙනා ගිය පලවෙනි ටිප් එක .එදාත් මම දැක්කේ පිම්බම විසික් වෙන වල් පුසෙක්.අදත් එහෙමයි.එදා ඉදලා අද වෙනකන් මරාගත්තත් අපි පුදුම සහෝදර බැදිමකින් හිටියා.මගේ කොම්පිතරය හෝ මගේ යාලුවෙක්ගේ කොම්පිතරයක් කැඩුනත් පුෂ්ට තමයි මම වද දෙන්නේ.කවදාවත් බැහැයි කියන වචනේ නැතිව පුදුම කට්ටක් කාගෙන ඒ හැම වැඩක්ම කරලා දුන්නා.අත්තර් ජාලයෙන් මට ඉස්සේල්ලාම ගොඩාක් වටිනා තෑගි 03ක් ලැබුනා.ඒ රොන් අයියා,චන්දිමා අක්කා,සහ හර්ෂණ මල්ලි කියලයි මම හිතන්නේ.එ වගේ මේ අයගෙන් පසුව මට හොද සහොදර සහෝදරියන් පිරිසක් ලැබුනා ගොඩාක් ආදරය කරන.ඒ සියලු දෙනා අතර තියෙන සහෝදර බැදිම වචනයෙන් විස්තර කරන්න බැ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං උබේ ඔක්කොම හොදයි පපා තමා අවුල්

      Delete
  2. ඔයාලා කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි

    ReplyDelete
  3. අමරදේව මාස්ටර්ගෙ තරුණ කාලෙ ෆොටෝ එකේ පෙනුම ටිකක් උඹ වගේ :)

    ReplyDelete
  4. නියම යාලුකම කියන්නෙ ඒක තමයි බං මල්ලියෙ.

    මූ අමරදේව මාස්ටර් ගාව ඉන්නෙ හුඹහෙන් ඇදල ගත්ත තලගොයෙක් වගේනෙ. :D

    ReplyDelete
    Replies
    1. වගේ මොකක්ද..? මාස්ටර් බය වෙලා මූ දිහා බලලා ඇහුවා මේ මොන හිපාටුවෙක්ද කියලා... එවෙලේ තමා මං ඔය පොටෝ එක ගැහුවේ... :D

      Delete
    2. කවුද යකෝ තලගොයා.. බලහං දිලිසි දිලිස් ඉන්න ලස්සන

      Delete
  5. //මට 1 වසරෙදි හිටපු හොදම යාලුවා දැන් හොයාගන්ඩවත් නෑ .. ඊට පස්සෙ හිටපු හොදම යාලුවා ඌත් ආගිය අතක් නෑ..//

    අනේ බං මේ මාව ඔය ලිස්ට් එකෙන් අහක් කරහං... පින් සිද්ධ වෙයි...

    ReplyDelete
    Replies
    1. උබව අයින් කරන්න මං කොයි තරම් ගෙම් ගැහුවද බං..

      Delete
  6. //කොටින්ම මම අර කලින් කිව්ව සයිට් එකට ලොග් වෙනකොට වයස 18 අඩු උන් කොම්පීතර ඕෆ් කරලා නැගිටලා ගියා කියලා අපේ සුදු අක්කා මං එක්ක කිව්වා පස්සෙ කාලෙක.. //

    උඹ හිතුවද ඒ ගියේ උඹට බයේ කියලා... මේ තියෙන්නේ උත්තරේ...

    //හැමදාම හවසට සරමත් කරට අරන් ඕකට සෙට් වෙන්ඩ මම පුරුදු වෙලා හිටියා..//

    නිකමට වගේ සරම කරට අරං කණ්නාඩිය ගාව හිටගෙන බලහං.. උඹටත් කාමරේ දාලා දුවන්න හිතෙන්නේ නැද්ද කියලා.. :D

    ReplyDelete
    Replies
    1. හිටහන්කෝ ඊලග පාර ඔහෙ ආවම ඕක ට්‍රයි කරලා බලන්න

      Delete
  7. උඹ මාස්ටර් ගාවට ගියේ සයිකල් හැඩල් එකක් ගිලලද....?

    ReplyDelete
    Replies
    1. " පූජා ච පූජනීයානං..... "

      ඔතෙන්ට ගිය හැටිවත් මට තාම මතක නෑ තාම හොල්මං..

      Delete
  8. 'හරේ උඹේ අහිංසක හීනය සැබැවීම ගැන සතුටුයි'

    මම හිතන්නෙ හර්ෂණයා තමා තමන්ගෙ ඇත්ත පින්තූරයක් දාගෙන අර කියපු සයිට් එකේ කෙලින් කතා කරපු එකම එකා. ආයෙ ඉතිං කියන ටිකත් ලෙසටම කියනවා. එහෙම එවුන් හරි අඩුයි, ඒකම තමයි මේ යාළු මිත්‍රකං වල ආරම්භය. මට මතක් හැටියට හරේට කලින් මම 'සුදු නෝනේ' හඳුනනවා. පස්සෙ නුවන් ලා, බන්දුල අයියා, එහෙම දැනගත්තෙ.
    'සිත් ආරේ' පෝස්ට් දෙක තුනක් වැටුනට පස්සෙ "මාරයා" හම්බවුනේ. ඊට පස්සෙ තව ගොඩක් අය හමු උනා.
    එක එක සමාජ සත්කාර එක්ක අපේ තිබුණු බැඳීම් තවත් වැඩිවුනා. ඉස්සරහටත් ඒව එහෙමම තමයි!

    * මේ යාළුවෝ කිසිම කෙනෙක් මේ වනතුරුත් හමුවෙලා, මුණගැහිලා කතාකරලා නෑ. හැබැයි ලඟදිම...

    ReplyDelete
  9. අමරදේව මාස්‍ටර් කියන්නේ ලොකු හදවතක් තියෙන පොඩි මිනිහෙක්
    එතුමගේ ගිත එක්ක අද කාලේ කොලු අප්පච්චිලාගේ සිංදු නිකන් පුස් ගෙඩි වගේ


    මං අලුත්කෙනෙක් ඉඩත් තිබ්බොත් මගේ බ්ලෝගයත් කියවන්න

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: