Saturday, October 5, 2013

සංගීත කාමරේ.... සහ මගේ ගුරුවරිය






                                                   ඉස්කෝලෙ කාලෙ කියන්නෙ  අදටත්  ලොකූ මතක ගොඩක්... ඒ මතක වලින් වැඩි හරියක් එකතු වෙච්ච තැනක් තමා අපේ සංගීත කාමරේ කියන්නෙ.. දවසට එක එක විශයන් වලට බෙදලා පීරියඩ් කීපයක් තිබ්බත් අපි කීපදෙනෙක්ගේ සදාකාලික පන්ති කාමරේ බවට පත්වෙලා තිබ්බේ අපේ පුංචි සංගීත කාමරේ.. එහෙම වෙලාවට අපේ මැඩම්ගෙන් බැනුමක් දෙකක් අහගෙන සංගීත කාමරෙන් එලියට ආවත්. ආයෙම විනාඩි ගානකින් අපි නතර උනේ සංගිත කාමරේ..  අමරදේව මාස්ටර්.. සුනිල් මහත්තයා ඒ දවස්වල අපි පට්ට ගැහුවා. 

ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් එහෙමත් නැත්තං සමස්ත ලංකා තරග පවත්වන කාලෙ අපි බොහොම සතුටින් හිටපු කාලයක්. මොකද එතකොට අපිට නීත්‍යානුකූලවම සංගීත කාමරේ ඉන්න අයිතිය හම්බවෙනවා. ඇත්තටම අදටත් එ මතක හරි සුන්දරයි..  මම ඉස්කෝලෙන් සමුගත්ත අවුරුද්දෙ අපි එකතුවෙලා සංගීත දිනයක් පටන්ගත්තා.. ඒ අපේ පාසලේ මුල්ම වතාවට සංගීත අංශයෙන් කරපු දෙයක් විදියට. එකෙ නම " ස්වර රංජනා" නම තිබ්බේ අපේම එකෙක් .. ඉතින් පහුගිය 3 වෙනිදා වෙනකොට   අපි සංගීත දිනය වෙනුවෙන්  සර්පිනාවයි තබ්ලාවයි , වයලීනෙයි වගේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තිබ්බ පොඩි ඔගෙස්ට්‍රාවකින් පටන් ගත්තු ස්වර රංජනාව 9 අවුරුද්ද පහු කලා ..නිකං නෙවෙ ලංකාවෙ තියන හොදම ඔගෙස්ට්‍රාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් කොල්ලො ටිකක් සහ වොයිස් කරන්න පුලුවන් කොල්ලො ටිකක් එක්ක.. 

අවංකවම එදා අපේ ඇස්වලට කදුලු ආවා..

මේ කතන්දරෙ මෙ විදියට ලියන්න හිතුවෙ මම ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 8ක් වෙලත් සංගීත කාමරේ එක්ක බැදුනු ජිවිතේ තාමත් ඒ ව්දියටම තියෙන එක ගැන හිතේ තියන සතුට නිසා.. ඉස්කෝල ජිවිතේදී අපිට ගොඩක් ගුරුවරු හම්බවෙනවා. මටත් ඒ වගේ හම්බ උනා. එත් අදටත් කකුල් දෙක අල්ලලා පාරක උනත් දනගහලා වදින්න පුලුවන් ගුරුවරු දෙන්නයි එදත් අදත් මට ඉන්නෙ .. එකෙන් පලවෙනියා මගේ සංගීත ගුරුවරිය , අනෙක් කෙනා මගේ නැටුම් ගුරුවරයා.. 

අපේ සංගීත මැඩම් ගැන කියනවනම් .. මැඩම්ගෙන් ගුටි නොකාපු , බැනුම් අහපු නැති එකෙක් නෑ.. හැබෙයි කිසිම දවසක හිතේ අපි ගැන තරහක් තිබිලත් නෑ . මගේ කොල්ලො ටික මගෙ දරුවෝ ටික කියලා තමා අපෙ මැඩම් හැමදාම අපිට කතා කලෙ.  ඇත්තටම සංගීත කමරේදී අපේ මැඩම් අපිට අම්මා කෙනෙක් .. එක කතාවට විතරක් කියන දෙයක් නෙවෙ. සාමන්යෙන් ගුරුවරු නොකරන බොහෝ දේවල් අපේ මැඩම් අපි වෙනුවෙන් කලා..   මෙ එහෙම කතා ටිකක්

අපෙ ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබ්බම මැඩම්ට ප්‍රධාන ගැටලුවක් උන එකෙක් තමා මම. මොකද මම බෑන්ඩ් ගැහුවා , නැටුම් කලා , ඉතිං උත්සවේකදි සංගීත අංශයෙන් තියන ප්‍රසංග අංකෙ මම අර ඔක්කොම වැඩ ටික ඉවර කරල එනකම් මැඩම් පහු කරලා තියාගන්නවා..  මැඩම්ට ඔන තරම් පුලුවන් කම තිබ්බා මගේ තැනට හිටගෙන ඉන්න විතරක් පුලුවන් එකෙක් දාලා ඒ බර ඔලුවට නොගෙන ඉන්න. එත් කිසිම දවසක මැඩම් එහෙම කලේ නෑ. ඕනම එකෙක්ට යන්තමින් හරි දෙයක් පුලුවන් කියලා මැඩම් දන්නවනම් ඌව කොහොම හරි ගොඩ යවන්න අපේ මැඩම් දැනගෙන හිටියා.. ඒ වගේම තමුන්ගේ වැඩෙ විතරක් කරගෙන අනික් දේවල් බල්ලට ගියත් කමක් නෑ කියන ඕන තරම් ගුරුවරු ඉද්දි. තමන්ගෙ වැඩේ පහු කරගෙන හරි ලමයාට ඒ හැම්දේකටම සහභාගි වෙන්ඩ වෙලාව හදලා දුන්නා.. ඒ මැඩම්ගේ හැටි..

අපේ මැඩම් ගැන කියන්න තව කතා නම් කීයක් තියනවද.. අපෙත් එක්ක හිටපු එකෙක්ට විභාගයක් ලියන්න සල්ලි නැති වෙච්ච වෙලාවක . මූ මුනත් ඇද කරගෙන සංගීත කමරේට වෙලා මැලවිලා හිටියා. ප්‍ර්ශ්නේ දැනගත්තු අපේ මැඩම් කෙලින්ම නතර උනේ ඉස්කෝලෙ ඉස්සරහ තියන බැංකුවෙ. අතේ තිබ්බ වලල්ල උකස් කරලා අපෙ එකාට  විභාගෙ ලියන්න සල්ලි දුන්නෙ අපේ මැඩම්.. ඒ වගෙ පන්ති යන්න සල්ලි දුන්නු උන් ඉසේ කෙස් ගානට ඇති..  ආයෙත් දවසක අපේ පොඩි එකෙක් ෆෝන් එකකට පිස්සු වැටිලා ඒක ගන්න සල්ලි නෑ කියලා දුකෙන් ඉන්නකොට කරේ තිබ්බ මාලෙ උකස් කරලා උබේ ආසාවනේ කියලා සල්ලි දුන්නේ අපේ මැඩම්.. ඒ නිසා  සංගීත කාමරේදි අපෙ අම්මා කියලා කියන  වචනෙට විතරක් සීමා නොවුනු ආදරයක් අපේ මැඩම්ගෙන අපිට ලැබුනා.


ඉස්කෝලෙ  අපි කරපු ගොඩක් උත්සව , ප්‍රසංග වලදි මැඩම්ගේ කනකර බැංකු වල නතර උනා. අපි වෙනුවෙන් ඒ තරම් දේවල් කැපකරපු ගුරුවරයෙක් මට මේ වෙනකම් කවදාවත් මුනගෙහිලා නෑ,  එදා සංගීත කාමරේ මැඩම්ගෙන ඉගනගත්තු හැම එකාම අදටත් මැඩම්ට , අපෙ සංගීත කාමරෙට පන වගේ ආදරේ කරන්නේ ඒ හින්දා..

10 comments:

  1. කට්ටියගේ මූණු වලනං කිසිම කලාබර ගතියක් නැහැ.. නිකං හුඹහෙන් ඇද්ද තලගොයි සැට් එක වගේ... :D

    ReplyDelete
  2. අපිනං චිත්‍ර කරපු හින්ද ඒකාලෙ සංගීතෙ කරන එවුංගෙයි නැටුං කරන එවුංගෙයි පරම හතුරො අපි තමයි. මොකද උං එහෙකුටවත් වැඩක් කරගන්න ඉඩ දෙන්නෙ නැති හින්ද.

    ReplyDelete
  3. කට පුරා ගුරු මෑණියක් කියන්න පුළුවන් කෙනෙක්.

    ReplyDelete
  4. මේ මචං ගුරු දෙවිවරු..... :)

    ReplyDelete
  5. ඔන්න ගුරුවරු...

    ඒකට අපිට හිටපු එක්කෙනා... :/
    අන්තිමට ඉස්කෝලෙනුත් එලෙව්වා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. මෙන්න ගුරුවරු. මට හිතෙනවා මේ පෝස්ට් එකේ ලින්ක් එක සේව් කරලා තියාගන්න.

    ReplyDelete
  7. අතරින් පතර ගුරුහොරු සිටියත් තාමත් අපේ සමාජයේ ගුරුදෙවිවරු ඉතිරි වෙලා ඉන්නවා කියන්න මේ සටහන හොදම නිදසුනක්.

    ReplyDelete
  8. අනේ අපිට හිටියේ නැනේ

    ReplyDelete
  9. මම මේ කතාවෙත් දැක්කා යම් සමාන කමක්.
    ගුරු තරුව

    මම මේ ලින්ක් එක එතන දැම්මා.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: