ලිව්වේ
උපේන්ද්ර හර්ෂණ ද සිල්වා
@
10:07 PM
අපේ
පවුලක උපන්න එකෙක් වැරදිලා හරි පිස්සෙක් උනොත්.. අපි ඌට ගරු නම්බු නාමයක්
දෙනවා " මානසික රෝගියා " කියලා.. පවුලෙ එහෙම එකෙක් නැත්තං මගතොටදි දකින
ඕනම මානසික රෝගියෙක් අපිට පිස්සෙක් , මොංගල් කාරයෙක්
අපේ පවුලක
උපතින් අන්ඩක් අතක් පයක් නැති එකෙක් හිටියොත් අපි ඌට දෙන නම්බු නාමේ
ආබාධිතයා. එහෙම එකෙක් හිටියෙ නැත්තං පාරෙදි දකින ඕනම එහෙම එකෙක්
අබ්බගාතයෙක් කොරෙක්..
බස් හෝල්ට් වල . මාකට් වල ඕන තරම් පාරවල් වල
ඒ වගේ අහිංසකයෝ තියාගෙන බයිට් කරන මනසික ආතල් ගන්න උන් මේ රටේ නෑ කියලා
කියන්න පුලුවන්ද. නුවර මාකට් එක ලග ඉන්නවා මනුස්සයෙක් මානසික රෝගයක් තියන .
ඒ මනුස්සයා ඒ ලෙඩෙට වඩා අපේ මේ ගෞතම බුද්ධ රාජ්යේ පිංවතුන් නිසා විදවනවා.
එ මනුස්සයට එහෙන් මෙහෙන් ඇනලා ඒ මිනිහා කුනුහරුපෙන් කෑ ගහන්කොට අපේ ඇත්තෝ
පුදුම මානසික සතුටක් ලබනවා මං දැකලා තියනවා
මේ සිංදුවෙ වටිනාම ටිකත් මම දැක්කෙ අන්තිමට ... සිංදුව අවසන් වෙනකොට.
පිටරට වලින් ආව මිනිස්සු සිංදුව ඉවරවෙනකොටම නැගිටලා අත්පුඩි තලනකොට ඊටත්
විනාඩි දෙක තුනකට විතර පස්සෙ ඉදගෙන ඉන්න බැරි කමටම අපේ සුදු නැශනල් පෝලිමක්
එක පිලිවෙලට නැගිටගෙන යනවා දැක්කා.. ඒ අතරෙදි දැක්ක විදේශ රටක කාන්තාවක්
ඇස් වලින් වැටෙන කදුලු එක දිගට පිහිදනවා..
.. කාලෙකට කලින් රට පුරා ගියපු ඇඩ් එකක් මතක් උනා..
" ගන්න අපේ දේ "
මාත් ඕක දැකපු වෙලාවෙ ඉඳලා ලියන්න හිතං හිටපු එක මේ ලියලා තියෙන්නෙ... ගෙදට්ට වෙලා බලං හිටපු මාත් ඒක බැලුවෙ කඳුළු අතරින්... සින්දුව ඉවරවෙන්නත් කලින් ඉඳලා ඒ සෙට් එක අප්පුඩිය පටං අරන් හිටියෙ...
ReplyDeleteඅපේ මිනිස්සු නං අනේ මන්ද අප්ප...
ලෝකෙ අනික් මිනිස්සුංට වැඩිය අපේ මිනිස්සු වෙනස් නෙ.
ReplyDeleteලෝකෙ ගොඩක් රටවල් ඔය වගේ ආබාධිතයින්ව කොන් කරන්නෙ නෑ. ලංකාවෙ මිනිස්සුංගෙ ආකල්පයත් ඒ තත්වෙට වෙනස් වෙනකල් ලංකාව ඔය වගේ කට්ටියට Better Place එකක් වෙන්නෙ නෑ.
Deleteඒ වගේ මිඔනිස්සුන්ව කොන් කරන්න හොඳ නෑ.
ReplyDeleteමම පුතාටත් පෙන්වන ගමන් බොදවූ දෑසින් බැලුවෙමි.
ReplyDelete