මෙතන පොදුවේ අධ්‍යාපනික ක්‍රීඩා භාණ්ඩ තියෙන තැනක්. නමුත් මේවා බහුතරය
සුදුසු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට. ඔවුන්ගෙන් දැන ගන්නට ලැබුණා අධ්‍යාපන
දෙපාර්තමේන්තුවට මේ භාණ්ඩ සැපයුවෙත් ඔවුන්ම බව. අවුරුදු දහයක් තිස්සේ මේ
ආයතනය පවත්වාගෙන ගියත්, මේ ගැන ජනතාව අතරට ගිහින් ඇත්තෙම නැති තරම්.
කොටින්ම ඕටිස්ම් දරුවන්ගෙ දෙමාපිය සංගමේට කතා කරලා, මෙවැනි භාණ්ඩ ගන්න
තැනක් දැන ගන්න විමසුවහම, ඔවුන් ගත් කටටම කිව්වෙ, එහෙම තැනක් ලංකාවෙ නැත,
පිටරටින් ගේන්න වෙන්නෙ කියලා. ඒ අයත් කියන්නෙ එහෙමනම්, අනික් අය ගැන කතා
කරලා වැඩක් නැහැ. කරුණාකරලා, ඔබේ හෝ ඔබ දන්න කෙනෙකුගෙ විශේෂ අවශ්‍යතා ඇති
දරුවෙක් සිටීනම්, (නැත්නම් අනාගතයෙ එහෙම දරුවෙක් ලැබුණොත්) ප්‍රයෝජනය සඳහා
මේ ස්ථානය ගැන දැනුවත්ව සිටින්න.මෙතන ඇති බොහොමයක් භාණ්ඩ රුපියල්
1000-2000 අතරෙ. එම වෙළඳ මහතාට අපි දැනුම් දුන්නා, අපට මැයි මාසයේදී පාසල්
18ක් සඳහා භාණ්ඩ අවශ්‍ය බව. නිවැරදි ඕඩරය මාසයකට පෙර ඔවුන්ට දැනුම් දිය
යුතුයි. නමුත් තවම අපි අරමුදල් රැස් කිරීම අරඹා නැති නිසා, භාණ්ඩ ඇණවුම්
කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් අපට එකතු වෙන මුදල බැලූවිට, එක්
පාසලකට දිය හැක්කේ රුපියල් 10,000ක පමණ භාණ්ඩ කට්ටලයක්. ඒ කියන්නෙ භාණ්ඩ
4-6ක් පමණ.ඉන් වඩාත් සුදුසුයයි හිතුව භාණ්ඩ වගයක් ඔවුන්ට තෝරා
දුන්නා. ඒවායෙහි පින්තූරත් සමග මිළ ගනන් පහත දක්වා තිබේ
1. bead board single wire 1250/-
2. bead board double wire 1550/-
3. bead board three wire 1800/-
4. m sorter large 850/-
5.cut up vegetable 1000/-
6. cut up bread 1000/-
7.fraction cake 1000/-
8.shape board 1000/-
9. Life-cycle butterfly 1200/-
10. Life cycle Rooster 1200/-
12.small knob puzzle monkey 650/-