Friday, March 20, 2015

ජාතික ගීය






ජාතික ගීය..

ජිවිතේ එක කාලයක් තිබ්බා ජාතික ගිය වාදනය වෙන වෙලාවට මට සීරුවෙන් ඉන්න බැරුව තිබ්බ කාලයක්.. ඒ මම බෑන්ඩ්  ගහපු කාලේ . ඒ වගේම ස්කෝලෙ ජීවිතෙන් හතරෙන් පංගුවකම ස්ටේජ් උඩ මම ජාතික ගීය කියලා ඇති . අපේ ස්කෝලෙ දෙමල අය හිටියා. මුස්ලිම් අය හිටියා. කතෝලික අය හිටියා. මියුසික් ගෘප් එකේ අපි ස්ටේජ් එක උඩට වෙලා ජාතික ගීය කියනකොට  ඔය කියපු හැම ජාතියකම කොල්ලෝ ජාතික ගිය කියනවා අපිට බොහොම අපූරුවට පෙනුනා..

උන්ට කවදාවත් ඒක වෙනසක් .. කරදරයක් කියලා අපිට දැනුනේ නෑ ඒ වගෙම උන්ට දැනුනෙත් නෑ...


මම එදත් අදත් හෙටටත් ගරු කරනවා ජාතික ගීතයට එහෙම නැතුව  දෙජාතික ගීතයකට නෙවෙ. රටේ ජාති දහයක් හිටියොත් ඒක දහ ජාතික දහපදුරා ගීතයක් වෙනවට මම කැමති නෑ.  ජාතික ගීයෙන් කියවෙන්නෙ තමගේ රටේ අභිමානය  ඒක ජාති වලට කඩලා  කුනුහරුපයක් වෙනවට මගේ කැමත්තක් නෑ ජාතික ගීයෙ කොහෙවත් දෙමල උන් සිංහල උන් මුස්ලිම් උන් කියලා බෙදිච්ච පදයක් නෑ නේ.

හොද වෙලාවට ආනන්ද සමරකෝන් මහත්තයා කලින්ම සියදිවි නසාගත්තෙ.

3 comments:

  1. කතාව නම් ඇත්ත.. මේ අරන් තියෙන තීරණය ගැනනම් මමත් විරුද්ධයි..

    ReplyDelete
  2. ලංකාවේ ජාතික භාෂා දෙකක් තියෙනවා..

    ReplyDelete
  3. කොහොමත් ජාගික ගීතය නිසා ඊළග යුද්දෙටත් මගපාදා ගනියි වගේ.... ඒ කාලේ සිංහල භාෂාපනත..... වගේ මේකත් ඒක මූලයක් කරගනියි වගේ.. අපි මහ මොඩ ජාතියක් ..... පුළුවන් නම් ඔය ජාතික ගීතය.. කොඩිය ඒහෙම අයින් ම කරලා දාමු.. නැත්තං අපි තවත් ලක්ෂයක් විතර මරාගනිවී වගේ

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: