Friday, November 20, 2015

කාලය ඔබ මට කළ දේ කදිමයි




කාලය ඔබ මට කළ දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙන අතක ගිහින්....
.

මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමණ ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම්
ඒ ඉර හඳ යට සැඟවුණිදෝ....
.

පැමිණෙන පිරිපත කාලය විසදයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයේ කෙලෙසකදෝ....
 

ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුලු ලොවට වටිනවා

ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුලු ලොවට වටිනවා







සිතිවිලි ඔපලා දියඇලි සේ සරසා
මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා......

ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා........

 
කඳුළැලි සඟවා හසරැළි මුව ගවසා
පියවරු සිටියා කඳුවැටි සේ වටලා........

 
ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා.......

  
 සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා
ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා...........

ඒ බෝසත් ගුණ දකිනා දරුවන්
ඉර හඳ සේ මුළු ලොවට වටිනවා.....





Time in Sri Lanka: